ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.
රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් නම් බැහැ කිව්වලු ගෙදර කළු කොඩි දාන්න
දෙමාපියන් ගෙවල් වලට ඇවිත් කලු කොඩි දම්මන දිනයත් වැඩි ඈතක නෙවෙයි කියල සියලු වර්ජිත පිරිස් දැනගත්තොත් හොඳයි
කරුණාකර තලේබාන් පන්නයේ ගුරුවරු නොවී සේවය කිරීමට නොහැකිනම් කැමති අයට ඉඩදීලා අස්වෙලා යන්න. මේ තමා මේ රටේ මිලේච්ම වර්ජනය. වෛද්‍ය වර්ජනයකදී කවදාවත් ළමා වාට්ටු වහන්නේ නැහැ. 40 ලක්ෂයක් දරුවන්ගේ අනාගතේ නැති කරන්න 88/89 වගේ ඔයාලට ඕනා.
දැන් ඔය වෘත්තියට තිබුණු ගරුත්වය අවසන් බවත් හිතට ගන්න
මේ වගේ වෙලාවක දරුවෝ ගැන හිතන්න ඕන
තමන්ගේ ගෙදර ඉස්සරහ ඕනේ දෙයක් කරගන්න, පාරට බැහැල උද්ඝෝෂණ කරන්න ගත්තොත් ගුටි කන්න තමයි වෙන්නේ
මේ කව්ද? මනුස්සයෝද?
ඇත්තටම ලැජ්ජා නැද්ද? ගුරු දිනය කියන්නෙ ගුරුවරුන්ට ගෞරව කරන්න වෙන් කල දිනය මිසක් ගුරුවරුන්ගේ ගරුත්වය කාබාසිනියා කරන දවසක් නොවේ
හරි නම් අපියි කලු කොඩි දාන්න ඕන
දැන් මේ අය හොඳටම සීමාව ඉක්මවා ගිහින්. හැසිරෙන්නේ ත්‍රස්තවාදීන් පිරිසක් වගේ. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාරවත් සපයා ගන්නවත් බැරි තරම් රට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක මෙහෙම යකා නටන එක අපි කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. උගන්වන්නේ නැත්නම් වැටුප් ගෙවීමත් අත් හිටුවන්න...
ඉතා හොඳ අදහසක්. එතකොට ගහන්න ඕන ගෙවල් හොයා ගන්න ඉතාම පහසුයි.
දැං නම් ගුරුවරු විදුහල්පතිවරු ළමයින්ගෙන් හා දෙමාපියන්ගෙන් ගුටිකන දිනය ඈතක නැති බව පේනවා.
මේ දාලා තියෙන කොමෙන්ට් වලින් පේනව ගුරුවරු ගැන මිනිසුන්ගෙ තියෙන නොකැමැත්ත. මේවා කරලා ආණ්ඩුවට විරෝධය පෙන්නලා අහිංසක දරුවන්ගෙන් පළිගන්ට එපා
දෙවිවරු වන් ගුරුවරුන්ට තිබූ ගෞරවය මේ වනවිට බල්ලාටම ගොස් ඇත. මෙය යළිත් ගොඩ නගා ගැනීමට හැකි වේද? සිතීමට කාලය පැමිණ ඇත.
මින් පසු ඔබලා ගුරුවරයෙකුට දෙන ගුරු ගෞරවය අපෙන් බලාපොරොත්තුවෙන්න එපා. අපිට ඕගොල්ලෝ ගුරාලා.
මම වැඩ කරන්නේ මැදපෙරදිග රටක. මේ රාජ්‍ය ආයතනයේ ආදායමේ කිසිම අඩුවක් වෙලා නැති බව අපිට පෙනෙනවා අපි ළඟ තියෙන ව්‍යාපෘති වලින්. ඒ වුනාට වැටුපෙන් 20%ක් අඩු කලා.
ස්ටාලින් ඉතිහාසගත වෙනවා මේ නටවන නැටවිල්ලට.
අතීතයේ ගුරුවරුන්ට දේශපාලන කටයුතුවල යෙදීම තහනම්ව තිබුණා.. ඒ වගේම වැන්දඹු අනත්දරු ක්‍රමයත් ගුරුවරුන්ට වෙනස් ක්‍රමයකට තිබුණා ගුරුවරුන්ට සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසූ ඊරියගොල්ල මැතිතුමා ඇප නැතුව පරාජය කලේ ගුරුවරුය. දේශපාලනය කරලා ගුරුසේවයට පත්වන පිරිස් මැතිවරණය වලට කැන්වසින් ගොස් විදුහල්පතිලා වෙන්නේ අධ්‍යක්ෂ තනතුරු ගන්නේ සුදුසුකම් ඇතිවද? සොයා මේකට හේතු සොයාගන්න...
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේ නම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික / ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ.
මේ ගුරු හොරුන්ට කවදා හෝ දිට්ට ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙනවාමයි
ගුරු භවතුනි...! නැවත නැවත මේ කාලකන්නි වැඩ වර්ජනයේ නිරත වුවහොත්.., රටේ ආර්ථික අපහසුතාව නොතේරෙන අය ලෙස කරන්නා වූ නොහොඹිනා දේ නිසා දෙමාපියන්ගේ පහර කෑමකට වුවද ලක්විය හැකි වග මතක තබාගන්න.
දෙපැත්තම දඩබ්බර නොවී මේ ප්‍රශ්නය විසඳන්න... ළමයින්ගේ වටිනා කාලයයි මේ.. ගැටළු විසඳීමේ ක්‍රම දෙපැත්තටම ඉගැන්විය යුතුයි..
වහල්ලුන්ට නම් ගුරුවරු, කාලකණ්ණි... අනිත් අයට එහෙම නෑ..
ප්‍රායෝගික නොවන මෙවැනි ඉල්ලීම් සඳහා අනවශ්‍ය වටිනාකමක් නොදීමටද රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගත යුතුයි. තවද රජයේ නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමටද, සේවයට වාර්තා කර හෝ තම වගකීම් ඉටු නොකරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමටද ආයතන සංග්‍රහයේ විධිවිධාන ඇත. ඒවා බලාත්මක කර ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. ඒවිට රජයේ වැටුප් වියදම් ඉතිරිකරගෙන එයින් නව පත්වීම් ලබාදීමට හැකිය. වසංගතයෙන් සෑම දෙයක්ම විනාශ වී තිබියදී මෙයද විනාශ වූවා සේ සලකා අළුත්ම වැඩපිළිවෙලකින් නැවත ප්‍රතිසංවිධානය කිරීම සුදුසුයි. මෙපමණ කලක් දරුවන්ට අධ්‍යාපනය නොදීමේ පාපයට දඬුවම රජයෙනුත්, ස්වභාව ධර්මයෙනුත් ලැබිය යුතුමයි...
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සෑහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයින් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික, ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැර හරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සාහ කරන බවක් පෙනේ...
වැඩක් කලේ නැතිව ගෙදරට වී සිට බැංකුවට ගිහින් පඩිය අරගෙන ගෙදර යන විට කළු ඉටි කොල යාරයක් අරගෙන ගොස් ගෙදර ඉස්සර ඉටිකොලය බිම එලා ගෙන වාඩී වී පඩිය මදි කීයක් හරි දෙන්න කියලා කියන්න.
ගුරුකම සේවයක් කියලා හිතාගෙන ගුරුභවතුන්ට සළකපු කාලයක් තිබුනා. සමහර ගුරුවරු හැමදාම ජනප්‍රිය කියන එකම පාසැලේ. ළමයෙක් අලුතින් පාසැලකට දාන්ඩ ගියාම කුට්ටියක් කඩා ගන්ඩ හදනවා. ගෙවල් ගානේ ගිහින්, අමතර පන්ති කරලා තවත් ගානක් හොයාගන්නවා.