(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5 කින් පසුපසට ගෙන යාමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබේ.

මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත යුතු තරගාවලිය 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එක්දින තරග තුන මේ මස 18, 21 සහ 24 යන දිනවලද විස්සයි 20 තරග මේ මස 26, 28 සහ 31 යන දිනවලද පැවැත්වීමට සැලසුම් කර තිබේ