
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයට ප්රවේශවන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා නොලැබූ පුද්ගලයන් යැයි සහතික කරවා ගැනීමේ අවශ්‍යතාව සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය 2026 අයවැය යෝජනාවට අනුව ක්‍රියාත්මක කරන ‘දිවියට සවියක්’ නිවාස ආධාර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය එසේ පැවසුවාය.
ළමා අපරාධ චෝදනා නොමැති යැයි සහතිකය පොලිසියෙන් හෝ අදාල ආයතනවලින් ලබාගෙන දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට පත්වන පුද්ගලයන් එවැනි චෝදනා නොමැති අය යැයි සහතික කිරීම අනිවාර්ය බව කී අමාත්‍යවරිය රාජ්ය්ය සේවය තුළ ඉන්න පුද්ගලයන් ද ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, වැටුප් වර්ධකවලදී අඛණ්ඩව අදාල කාලපරාසවලදී එම සහතිකය යාවත්කාලීන කළ යුතු බව ද සඳහන් කළාය.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙසේ ද පැවැසුවාය.
රාජ්‍ය සේවකයන් ඔවුන් අදාල කලසීමාව තුළදී ළමා අපරාධවලට සම්බන්ධ නොමැති බවට නිෂ්චිත වියයුතුයි. ‘පොහොසත් රටක්ලස්සන ජීවියක්’ කියන තේමාව යටතේ මැතිවරණ පොරොන්දු ප්‍රකාරව ‘ගෞරවනීය ජීවිතයක් සුරක්ෂිත රටක්’ යන දේ සහතික කර තිබෙනවා.
‘ගෞරවනීය ජීවිතයක්’ ලබාගැනීමට නම් පළමුවෙන්ම අනාක්ෂිත නිවාසවල සිටින පුද්ගලයන් සහ දරුවන් සුරක්ෂිත වියයුතුයි.
ආයතන රැකවරණයේ සිට සමාජගත වන පුරවැසියන්ට මෙන්ම ආබාධිත දරුවන් සිටින පවුල්වලටත් මෙම අවස්ථාව ලැබෙනවා. එහි පළමු අදියර බස්නාහිර පළාතෙන් ජනාධිපති ලේකම් කර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා ආරම්භ කරනවා.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් සහ පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (මධ්‍යම රජය) මතීෂා ජයතිලක යන මහත්මීහූ මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd