(යොහාන් භාසුර)
රුපියල් කෝටි 80 කට ආසන්න වටිනාමින් යුත් නවීණ ගිලන් රථ 25 ක් සහ කැබ් රථ 38 ක් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (17) පිරිනැමීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිලන් රථ සහ කැබ් රථ බෙදාදුන්නේය.
රථයක් රුපියල් ලක්‍ෂ 110 ක් පමණ වන කැබ් රථ 38 ට ආසියානු සංවර්ධන බැංකුවේ සහ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අරමුදල්වලින් ද, එකක් රුපියල් ලක්‍ෂ 150 ක් පමණ වන ගිලන් රථ 25 මුදල් අමාත්‍යංශයේ මුදල්වලින් ද, සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදී තිබේ. මෙම ගිලන් රථ දුෂ්කර ප්‍රදේශවල රෝහල්වලට ලබාදීමට කටයුතු කර තිබුණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රෝහල්වලට රුපියල් කෝටි 80 ගිලන් රථ
Samantha Thursday, 17 February 2022 06:55 PM
කොමිස් වාහන ලැබුණේ නැතෙයි.
ab Thursday, 17 February 2022 08:11 PM
ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නා වූ සමාගම්, ගිලන් රථ නිෂ්පාදනය කිරීමට උත්සාහයක් නොගන්නේ මන්ද?
Prase Thursday, 17 February 2022 09:13 PM
නිලධාරීන්ට යන්න කැබ්රථ, දුප්පත් මිනිහාට බීඑච් ටිකක් ගන්න ඩොක්ටර්ස්ලා, සේවකයෝ නෑ.. පඩි අරගෙන ගෙවල්වල. අසාර්ථක පාලකයෝ අවුරුදු 74ක් මෙරට විනාශ කළා. අවුරුදු 45ක් පාර්ලිමේන්තු ඉඳලා රට විනාශ කරපු නායකයෝ අද තවත් වතාවක් ඉල්ලනවා රට හදන්න.
Saku Friday, 18 February 2022 10:11 AM
ගිලන් රථයක් කෝටි ගාණක් වුණාට එලවන රියදුරු මහතුන් නිසිලෙස භාවිතා කරන්නේ නැහැ. තව පොඩි මුදලක් වැයකොට වාහනයේ ඉදිරිපස හා රියදුරුගේ කුසලතාව මැනිය හැකි කැමරාවක් සහ සංවේදක සවිකර අන්තර්ජාලය හරහා සජීවී පටිගත කරන උපකරණයක් සවි කරන්න. නැත්නම් හැමදාම මේ වාහන ලෙඩ... රජයේ වාහනවලට මෙලෙස නියාමනය කරානම් බස් ඇතුළු වාහන වැඩි කාලයක් හැමෝගේම පහසුවට තියාගන්න පුළුවන් වෙයි. මම වැඩකරන විදේශ සමාගම, සියලු වාහන සඳහා පද්ධතිය සවිකර තියෙන්නේ. ඉතින් අපි හැමෝම ආරක්ෂාකාරීව රිය පදවනවා. පාරේ යන මිනිස්සුත් ආරක්ෂාවෙනවා...