
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හය දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
තවත් 20 දෙනකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිසිය කියයි.
ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් සඳුදා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මෙම සිදුවීම සිදු වූ අතර, එහි දී එය සමථයකට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇත.
තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඊයේ අතර ඇති වූ ගැටුමක් මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල පරිපාලනය දෙවන සහ තෙවන වසර සිසුන් පීඨ පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ මහ ජනතාවගෙ සල්ලි නේද මොවුන්ට ඉගෙන ගන්න වියදම් කරන්නේ? හරි හමන් අධ්‍යාපනයක් නැති කඩල කාරයා, පිටකොටුවෙ නාට්ටාමිගේ ඉදන් ජානාධිපති වෙනකන් මොවුන් වෙනුවෙන් බදු සල්ලි ගෙවනවා නේද? මොවුන්ව වහාම එළියට දමා ඒ වෙනුවට වෙනත් සුදුසුකම් ඇති සිසුන් ඇතුළත් කළ යුතුයි. නැත්තම් මොවුන්ගෙන් මේ කරන උපාධිය සදහා වැය වන සියලු මුදල් අය කර ගත යුතුයි. අපි මොවුන්ට බදු ගෙවන්න ලැස්ති නැහැ!
වැරදි විදිහට LBW තීන්දුවක් දීලා වත්ද ?
ඉගෙනගෙන රටට වැඩදායී පුද්ගලයන් වෙන්න ඉන්න අය තමයි ඔය...