(සුජිත් හේවාජුලිගේ)
එරොෆ්ලොට් ගුවන් යානයේ ප්‍රශ්නය අවසන් බවත් මෙරටට පැමිණෙන ගුවන් යානාවලට විවිධාකාරයේ බාධා ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මෙම ගුවන් යානයට රුසියාවට යෑම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනටමත් අවසරදී ඇතැයිද ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රුසියාවේ ඒරෆ්ලොට් ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබීමෙන් පසු අදහස් දක්වමිනි.
ප්‍රශ්නය මේ ආකාරයට විසඳීම ගැන සතුටුවන බවත් ගුවන් යානය රඳවා තැබීමෙන් මගීන්ට සහ භාණ්ඩ ප්‍රවාහනයට ඇතිවූ අවහිරතාව ගැන කනගාටු වන බවත් අමාත්‍යවරයා කීවේය.
ගුවන් යානය රඳවා තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු යානය නිදහස් කිරීමට එම අධිකරණය නියෝගයක් ලබා දුන් බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී අවශ්‍ය කටයුතු කළ නීතිපතිවරයාට ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය ඉවරයි. දැන් තියෙන්නේ ඒ ඔළ මොට්ටල වැඩේ ප්‍රතිඵල භුක්ති විඳින එකයි...
ප්‍රශ්නය විසඳුණා කියන්නේ කොහොමද? දැන් එයාලා අපේ රටට ආයෙත් ගුවන් ගමන් පටන් ගන්නවද?
මෙයාගේ මොළේ තරම අපිට හිතාගන්න පුළුවන්. දැන් තමයි ප්‍රශ්න ආරම්භ වුණේ. රුසියන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීමත් අත්හිටවලා. රුසියාව සංචාරකයින්ට යන්න එපා කියලා. ඉදිරියේදී තේ අපනයනයටත් බලපාවි. ලංකාවට අඩු මුදලට ලබා ගන්න තිබ්බ තෙල් පෝර අවස්ථාවක් නැතිවෙයි. නිමල් හොඳයි පාර්ලිමේන්තුවේ නිදි කිරන්න..!
මම නින්දෙන් ඇහැරෙනකොට වැඩේ වෙලා ඉවරයි කියන්න.