රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය.
යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ
”දකුණු සහ බටහිර හමුදා දිස්ත‍්‍රික්කවල සිටින හමුදා භටෙන් ඒ ගොල්ලන්ගේ රාජකාරි අවසන් වී ඇති නිසා දුම්රිය සහ වාහන මගින් අද දින තමන් අයිති හමුදා කඳවුර වෙත පිටත් වීම ආරම්භ කරනවා,දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස ඒ විදිහට ම පවත්වා ගෙන යනවා යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති සේනාංකය වෙත පිටත් වේවි”
මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික විසදුමකින් අවසන් වේ යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
(විමුක්ති එස් රුද්රිගු රොයිටර්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩියක් පස්සට ගත්තා කියන්නේ මොකක්ද? යුක්රේන දේශසීමාවේ තිබුණු රුසියානු සහ බෙලෝරුසියානු යුද අභ්‍යාසය ඉවරවෙලා හමුදාව කලින් තිබුණු තැන්වලට ස්ථානගත කරලා... රුසියාව යුද්ධයක් ගැන කිව්වේ නෑ. ඇමෙරිකාව, එංගලන්තය, නේටෝ, යුක්රේනය සහ බටහිර මාධ්‍ය තමයි යුද්ධයක් ගැන කිව්වේ...!!!
මේ පුටින් පිස්සු කෙලිනවා. ගහනවා නම් ගහන්න ඕනේ. ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා කියන්න...