(අංජුල මහික වීරරත්න)
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කර ඇත.
රසායනික පොහොර තහනම නිසා බඩඉරිඟු සියයට 68ක්, ලොකු ලූනු සියයට 52ක්, අර්තාපල් සියයට 52ක්, හා මිරිස් අස්වැන්න සියයට 43කින් පහත වැටුණ බව අදාල සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
එළවළු වගාව සියයට 57කින් පහතට වැටුන බවත් මල් වගාකරුවන් සියයට 86ක් පමණ වගාවෙන් ඉවත් වී තිබෙන බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ කාබනික පොහොර කන්න දෙන්නත් සූදානම්වූ හෙන්චයියන්ට මේව පෙන්නල උන්ගෙන් පාඩුව අයකරන්න. නැතිව මහජනතාව හෝ ගොවි ජනතාවට කාබනික මේනියාව හැදුනේ නෑ.
දොස්තර පාදෙණිය, ඔබ කොහෙද??
රසායනික පොහොරට වියදම් කල විදේශ මුදල් ඉතිරිය හා පරිසරයට සිදුවු සෙතත් සැලකුවොත් මෙය පාඩුවක් නොවේ.
මගේ නම් දියර පොහොර සහ නැනෝ පොහොර එකට ගහපු කාලේ හොඳට අස්වැන්න තිබුණු යූරියා කැට ගහපු ගිය කන්නයේ සහ මේ කන්නයේ වී අස්වැන්න දෙගුණයකින් අඩු වුණා...
ජෙප්පෝ පොහොර ගැන කියලා ඝෝටා පැන්නුවාට වැඩේ හරිගියේ නැහැ නේද? දැන්වත් හිතාගන්න ජෙප්පන්ට කරන්න පුළුවන් මගුලක් නැත කියලා...