IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රසායනික පෝර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

(අංජුල මහික වීරරත්න)

2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් එම මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කර ඇත.

රසායනික පොහොර තහනම නිසා බඩඉරිඟු සියයට 68ක්, ලොකු ලූනු සියයට 52ක්, අර්තාපල් සියයට 52ක්, හා මිරිස් අස්වැන්න සියයට 43කින් පහත වැටුණ බව අදාල සමීක්ෂණ  වාර්තාව සඳහන් කරයි.

එළවළු වගාව සියයට 57කින් පහතට වැටුන බවත්  මල් වගාකරුවන් සියයට 86ක් පමණ  වගාවෙන් ඉවත් වී තිබෙන බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසයි.

 



අදහස් (5)

රසායනික පෝර තහනමෙන් අස්වැන්න සියයට 53කින් අඩු වෙලා

Lalla Monday, 03 April 2023 11:49 AM

ඒ කාලේ කාබනික පොහොර කන්න දෙන්නත් සූදානම්වූ හෙන්චයියන්ට මේව පෙන්නල උන්ගෙන් පාඩුව අයකරන්න. නැතිව මහජනතාව හෝ ගොවි ජනතාවට කාබනික මේනියාව හැදුනේ නෑ.

:       6       9

sam Monday, 03 April 2023 12:19 PM

දොස්තර පාදෙණිය, ඔබ කොහෙද??

:       5       8

saman Monday, 03 April 2023 01:18 PM

රසායනික පොහොරට වියදම් කල විදේශ මුදල් ඉතිරිය හා පරිසරයට සිදුවු සෙතත් සැලකුවොත් මෙය පාඩුවක් නොවේ.

:       5       4

SL Monday, 03 April 2023 01:31 PM

මගේ නම් දියර පොහොර සහ නැනෝ පොහොර එකට ගහපු කාලේ හොඳට අස්වැන්න තිබුණු යූරියා කැට ගහපු ගිය කන්නයේ සහ මේ කන්නයේ වී අස්වැන්න දෙගුණයකින් අඩු වුණා...

:       2       2

Bamunuarachchi Monday, 03 April 2023 05:37 PM

ජෙප්පෝ පොහොර ගැන කියලා ඝෝටා පැන්නුවාට වැඩේ හරිගියේ නැහැ නේද? දැන්වත් හිතාගන්න ජෙප්පන්ට කරන්න පුළුවන් මගුලක් නැත කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site