ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි රුසියන් නීතිඥවරියකට අයත් ලැප්ටෝප් පරිගණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සොරාගෙන එය කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ආයතනයක තබා තිබියදී සොයාදීමට කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති ප්‍රදීප් ජයසූරිය මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් ඉකුත් දා සමත් විය.
රුසියන් කාන්තාව ඉකුත් 27 වැනි දා රජරට රැජිණ දුම්රියට ගොඩවීමට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටියදී කිසියම් පුද්ගලයකු විසින් තමන්ගේ ලැප්ටොප් පරිගණකය පැහැර ගත් බව එම නීතිඥවරිය කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.
දුම්රිය ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් රුසියන් නීතිඥවරියගේ දුරකථන යෙදුමක් භාවිතා කර එම තොරතුරු ඔස්සේ නැති වූ ලැප්ටොප් පරිගණකය කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ආයතනයක් තුළ තිබියදී සොයා ගෙන ඇත.
ලැප්ටොප් පරිගණකය සොරාගත් පුද්ගලයා සොයා ගැනීමට මේ වනවිට පොලිස් පරීක්ෂණ සිදුවෙයි.
රුසියානු නීතිඥවරියක වන සෙමියා මයිසැක් තමන්ට කළ උපකාරය වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයා සහ කාර්යය මණ්ඩලයට විශේෂ ස්තූතිය පුද කර සටහනක්ද දුම්රිය ස්ථානයේ පැමිණිලි සහ යෝජනා පොතේ තබා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් නීතිඥවරියගෙන් සොරාගත් ලැප්ටොප් පරිගණකය හෙට්ටිවීදියෙන් හමුවෙයි
පැරකුම් Tuesday, 01 March 2022 04:59 PM
මේ තමයි දේශද්‍රෝහීන්ගේ නවතම උපක්‍රමය.. සංචාරකයින් බියපත්කර ඔවුන්ගේ පැමිණීම අඩපණ කිරීමයි.