IMG-LOGO

රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට  විදුරු බෝතලයකින් පහර  දී  තුවාල සිදුකළ ධීවරයකු   අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ රුසියානු ජාතිකයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

(32) හැවිරිදි මෙම රුසියානු ජාතිකයා  මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සඳහා වැලිගම නගරයේ සුපිරි වෙළද සැලකට ගොස් ඇති බවත්, එහිදී ඔහු පෝලිමේන් පැන  මත්පැන්   බෝතලයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෝලිමේ සිටි ධීවරයකු ඔහු  සමග බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

එම බහින් බස් වීම අතරතුර රුසියානු ජාතිකයා ධීවරයාට  පහරක් එල්ල කර ඇති බවත්, එහිදී ධීවරයා ඔහුට  වීදුරු බෝතලයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (11)

රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට

Rathne Sunday, 02 April 2023 04:20 PM

යුරෝපයේ නම් පෝලිම්වල ඉන්න අය කිසිම විටකත්, පෝලිමේ ඉදිරියට පැන තමන්ගේ අවශ්‍යතා කරගන්නේ නෑ. සමහරවිට පරිසරය අනුව ඔහුත් හැඩගැහෙන්න ඇති...

:       4       30

Kumar (Gulf) Sunday, 02 April 2023 11:57 PM

රුසියාව යනු යුරෝපය නොවේ, එය ත්‍රස්තවාදීන්ගේ රටකි.

:       0       1

PereraMonday, 03 April 2023 08:55 AM

ජාත්‍යන්තරයේ ලංකාව දැන් ප්‍රසිද්ධ නීතියක් නැති සාරධර්ම විනයක් නැති බංකොළොත් රටක් හැටියට...

:       0       1

විජේ Sunday, 02 April 2023 04:47 PM

ඉල්ලංනෙ කාලා තියෙන්නෙ, රුසියානුවාටත් දඩුවමක් ඕනෙ කේස් එකක්. රුසියාවෙ කොලනියක් කියලද දන්නෑ හිතං ඉන්නෙ මේක.

:       7       33

rocky Sunday, 02 April 2023 05:33 PM

රුසියානු ජාතිකයා දඬුවම් ලැබිය යුතුයි...!

:       0       4

Ratavasiya Sunday, 02 April 2023 05:47 PM

හෝටල් කාරයො සාධාරණ මිලකට මත්පැන් විකුණනවා නම් පිටින් ගන්න ඕනෑ නැහැනේ... එකට තුනක් තියලා විකුණන්නේ...

:       0       2

de silva Sunday, 02 April 2023 08:37 PM

රුසියනුවන් යනු බටහිර යුරෝප ජතිකයන්ට වැඩිය හාත්පසින්ම වෙනස් ජතියක්, රුසියානුවන් ඉන්න හොටල් වල නවතින්න ජර්මන්, ප්‍රන්ශ සහ ඔස්ට්‍රිලියානුවන් වැඩිකැමැත්තක් දක්වන්නේ නැත.

:       0       0

ලුම්බිණි Monday, 03 April 2023 04:51 AM

දැන්වත් තේරුම් ගනියි මේ රුසියාව නෙවෙයි කියල.

:       0       0

Neo Monday, 03 April 2023 07:25 AM

එතකොට ඉස්සර වෙලා පෝලිම්නුත් පැනලා ධීවරයාට ගහපු රුසියානුවාට වැඩි සැළකිලි ද?

:       0       2

janindu Monday, 03 April 2023 09:14 AM

කොහොමත් රුසියන් කාරයො කියන්නෙ ටිකක් අමුතු මිනිස්සු වර්ගයක්

:       0       0

pakeer Monday, 03 April 2023 10:05 AM

හරි කෙනා, වැරදි කෙනා බලන්න මෙතන තියෙන කරුනු මදී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site