(ඉන්දිකා රාමනායක)
වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට විදුරු බෝතලයකින් පහර දී තුවාල සිදුකළ ධීවරයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ රුසියානු ජාතිකයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
(32) හැවිරිදි මෙම රුසියානු ජාතිකයා මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සඳහා වැලිගම නගරයේ සුපිරි වෙළද සැලකට ගොස් ඇති බවත්, එහිදී ඔහු පෝලිමේන් පැන මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෝලිමේ සිටි ධීවරයකු ඔහු සමග බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
එම බහින් බස් වීම අතරතුර රුසියානු ජාතිකයා ධීවරයාට පහරක් එල්ල කර ඇති බවත්, එහිදී ධීවරයා ඔහුට වීදුරු බෝතලයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ නම් පෝලිම්වල ඉන්න අය කිසිම විටකත්, පෝලිමේ ඉදිරියට පැන තමන්ගේ අවශ්‍යතා කරගන්නේ නෑ. සමහරවිට පරිසරය අනුව ඔහුත් හැඩගැහෙන්න ඇති...
ඉල්ලංනෙ කාලා තියෙන්නෙ, රුසියානුවාටත් දඩුවමක් ඕනෙ කේස් එකක්. රුසියාවෙ කොලනියක් කියලද දන්නෑ හිතං ඉන්නෙ මේක.
රුසියානු ජාතිකයා දඬුවම් ලැබිය යුතුයි...!
හෝටල් කාරයො සාධාරණ මිලකට මත්පැන් විකුණනවා නම් පිටින් ගන්න ඕනෑ නැහැනේ... එකට තුනක් තියලා විකුණන්නේ...
රුසියනුවන් යනු බටහිර යුරෝප ජතිකයන්ට වැඩිය හාත්පසින්ම වෙනස් ජතියක්, රුසියානුවන් ඉන්න හොටල් වල නවතින්න ජර්මන්, ප්‍රන්ශ සහ ඔස්ට්‍රිලියානුවන් වැඩිකැමැත්තක් දක්වන්නේ නැත.
දැන්වත් තේරුම් ගනියි මේ රුසියාව නෙවෙයි කියල.
එතකොට ඉස්සර වෙලා පෝලිම්නුත් පැනලා ධීවරයාට ගහපු රුසියානුවාට වැඩි සැළකිලි ද?
කොහොමත් රුසියන් කාරයො කියන්නෙ ටිකක් අමුතු මිනිස්සු වර්ගයක්
හරි කෙනා, වැරදි කෙනා බලන්න මෙතන තියෙන කරුනු මදී.