
(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර, ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබා දී ඇත.
වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වීඩියෝව ලබාගෙන අදාල පාර්ශවයට යොමු කල ඒ තැනැත්තාට අපගේ ආචාරය
නියමයි... මහජනතාව මොවුන්ව අල්ලා ගැනීමට පොලිසියට සහාය දිය යුතුයි.
මෙහෙම බස් එලවන රිලව් ගැන හොයන්ට පහුගියදා පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් වල ගියා. ඒකට විරුද්ධ වුනේ බස් ගැමුණු.
මේවා පාරෙ යන මිනිස්සු වීඩියෝ කරලා දානකන් පොලිසිය පාරේ බෝක්කු යට රිංගන් මොනවා කරනවාද? රටේ ප්‍රධාන පාරවල් වල බහුල සිදුවීම් මේවා.. හැබැයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ඉතා කාලාතුරකින්...