(සුජිත් හේවාජුලිගේ )
විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
රිෂාඩ් බදියුදීන් මහතා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඔහු කැඳවාගෙන එන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලිපියකින් දැනුම්දී තිබේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට එකඟ නම් පමණක් ඔහු කැඳවාගෙන එන ලෙස කතානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියකින් දැනුම්දී ඇත
එකඟ නම් පමණක් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවාගෙන එන්නයි කතානායකවරයා සහ වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දී ඇත.
රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු විහිළුවක්...
බල්ලා මල්ලෙන් එළියට පනින්න හදන්නේ. පනතට සහයෝගය දක්වන බදූර්දීන් නිදහස් වෙනවා. ඔන්න යටි අරමුණ.
උසාවියකින් මිනීමැරීමකට දඬුවම් දීපු කෙනෙක් රටක නීති හදන එකේ සදාචාරය මොකක්ද? මිනීමරුවෝ රජ වෙනවානේ...
මේකද කිව්වේ එක නීතියක් එක රටක් කියලා
ලෝකයේ මේ වැනි තුච්ච,අමන දේශපාලකයන් සිටිනා රටක් තවත් නැතිව ඇති සමහරවිට.රටේ අධිකරණයෙන් මරණ දඬුවම දී හිරගෙදර දඬුවම් විඳින මිනීමරුවන් ව පාර්ලිමේන්තු ගෙන්න පුළුවන්.එතකොට විනිශ්චයකාර වරුන්ගේ තීන්දු සහ අධිකරණය කුමටද ? නීතිය කුමටද ? නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ අහිංසක අසරණයාට විතරක් නේද? පක්ෂ දේශපාලන අසූචි වලේ ගිලී හිඳිමින් පිදුරු හා පුන්නක්කු බුදිමින්, දේශපාලනඥයන් ගේ කෙවිටට අවනතව දෑස් අන්ධව යන මිනිසුන් මේ විධායක ජනපති ක්‍රමය මුහුදට විසිකොට දැමීමට දැන්වත් සිතට ගත යුතුයි නේද ?
පාර්ලිමේන්තුව විනාස කරපු කතානායක ඊළඟට එන ආණ්ඩුවකින් වත් මේවාට දැන් දඬුවම් දිය යුතුයි
හරි ශෝක්