(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්කි තිබෙනවා නම් නඩු පවරන්නැයි ද සාක්කි නැතිනම් නිදහස් කරන්නැයි ද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

මෙය එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් බැවින් මේ සම්බන්ධව හරියට ක්‍රියා නොකළොත් ඊළඟ වාරයේ  වරප්‍රසාද කැඩී යාමෙි අවදානම සියලුම මන්ත්‍රීවරුන්ට තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන්ට විරුද්ධව නඩු පවරා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරීවරුන් සියලු දේ හොඳින් කළ අතර ඔවුන් වගකීම් පැහැර හැරියා යැයි කිව නොහැකි බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.