
(මහේෂ් කිර්තිරත්න)
රිවර්ස්ටන් කලාපයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා මාර්ගය අවහිරවීම් සිදුව ඇති බැවින් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බව මාතලේ දිසා වන නිලධාරි සම්පත් වනිගසේකර මහතා පැවසිය.
විශේෂයෙන් දිවා කාලයෙන් පසුව අධික වර්ෂාපතින හවස් වන විට ඇද හැලෙන බවත් මේ හේතුවෙන් රිවස්රටන් කලාපයේ දිය පහරවල් වල ජල මට්ටම් ක්ෂණිකව ඉහල යාමට ද පටන් ගෙන ඇති බවත් කියයි.
මේ හේතුවෙන් දිය නැමේදි දැඩි සැලකිලිමත්භාවය අනුගමනය කරන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින බනද වනිගසේකර මහතා පැවසිය.
මාතලේ හරහා රිවස්ටන් මාර්ගයේ ගමන් කිරිමේදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් මාර්ග යථා තත්වයට පත් කිරිමට අදාළ අංශ මේ වන විට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd