(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වගවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. විනිවිදභාවය රටක පාලනය ශක්තිමත් කරන බැවින් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධනයට සහාය වීමට UNFPA කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් පැවසූ බව රුවන් විජයවර්ධන මහතා කීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙම හමුවට සහභාගී විය.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් නිල වශයෙන් අනුමත කළ දකුණු ආසියාවේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලව් පැලැන්තියේ කෙනෙක්. ජනාධිපතිගේ පංතියේ (රදල) කෙනෙක්.
විශිෂ්ඨයි, ඔහොම යමු.