රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එල්ල වී තිබූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
හිටපු මුදල් ඇමතිවරයා වන රවී කරුණානායක මහතා විසින් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ආයතනයකින් නිදහස් කරන ලද මුදලින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණ.
අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් කළ බවට 2020 සැප්තැම්බර් මාසයේදී අල්ලස් කොමිසම විසින් රවී කරුණානයක සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට අධිචෝදනා ගොනු කරන ලදි.
අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ 5PH2 මහල් නිවාසයක පදිංචිව සිටි හිටපු ඇමතිවරයා මහජන සේවකයෙකු ලෙස අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම චෝදනා කර තිබිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී සමග අර්ජුන් රඟන අලුත්ම නාටකය ‘‘අනේ සර්‘‘ දැන් තිරගත වීමට ඇත.
මුදල් තියෙන අයට විතරද ඇප ලැබෙන්නේ? එයාලා මෙච්චර වැරැදි කරලා... පේන්න තිබුණත් කවදාවත් රිමාන්ඩ් කරන්නේ නැහැ. දෙවියනි, ඔබ කොහිද?
අනේ අම්මපා "මේ අහිංසකයෝ" දෙන්නව කොහොම හරි ඇතුළට දාන්නමනේ මේ දඟලන්නේ... බලන්නකෝ මූණුවල හැටි... පව් අහිංසකයින් දෙන්නා.
රවී අයියා නැති පාළුව මහා බැංකුව පුරා දැනේ.. රවී අයියා නැති පාළුව සැම තැනම දැනේ... රවී අයියා නැති පක්ෂය හොම්බෙන් යනවා දැනේ... රවී අයියා නැති සතොසට සැමදා කෙළ වුණා අනේ...
මේක හරියට නිමාවූ තරගයක් වගේ. ගිහින් ක්ෂණික ඇපත් ලැබුණා.
1997 ඇප පනත සංශෝධනය කරන්න ඕන මේ හොරු ඇතුලේ තියන්න. ඕකට කවුරුවත් අත උස්සන්නේ නෑ. මොකද ඉතින් 225ටම චෝදනා තියනවා. එහෙම වුණොත් ඔක්කොම වැඩි කාලයක් ඉන්නේ ඇතුලේ...