ශ්‍රී ලංකා මහ බැංකු විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700ක පමණ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයට පත් කර සිටි රවි ඇතුළු අට දෙනා හෙට (24) දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ගල විනිසරු මඬුල්ල නියම කළේය.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකරුවනට ඇප දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (24) දින මෙම නඩුව කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් එතෙක් රිමාන්ඩ් කෙරිණි.
මෙම නඩුව කොළඹ මහධිකරණ විනිසුරුවරුන්වන දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ල හමුවේ විභාග කෙරේ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවේ හුඟක් අයගේ නම් කොමිසම් වල කතා වුණාට රිමාන්ඩ් කලේ මෙච්චරයි.