(අංජුල මහික වීරරත්න)
ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
චීනයේ සත්වෝද්‍යාන පිළිබඳ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් එම ඉල්ලීම ලැබුණ බවත් මෙම සතුන්ගෙන් වන ව්‍යසන සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස සලකා බැලීමට සිදුවෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා කීය.
අදාල ඉල්ලීම තහවුරු කළ හැකි ලියවිලි අමාත්‍යාංශය සතුව තිබෙන අතර චීනයේ සත්වෝද්‍යානය සඳහා අභිජනන කටයුතු වෙනුවෙන් සතුන් ප්‍රමාණයක් ලබා දෙන ලෙස එයින් ඉල්ලා තිබෙන බවද චීන රජය මේ සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වූයේ නැති අතර අදාල සමාගම මේ පිළිබඳව දෙතුන්වරක් සාකච්ඡා කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
සබැඳි - අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතුවේ ලව් කියලා ,බලනකොට රිලව්
රිලවුන් රට පටවන්න දෙන්නේ නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ රිලවුන් අල්ලා වඳ කිරීමේ ඒකක පිහිටුවන්න
කලින් ඕක පැහැදිලිවම කියන්න බැරි උනේ මොකද?
වඳුරන් ඇතිකරන්න යන්නේ ඇයි?. නිශ්චිත ඖෂධයක් නිපදවීමට සහ පේටන්ට් අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අනිවාර්යයෙන්ම ඒවා භාවිතා කරනු ඇත. එතකොට මුන් අපේ වඳුරන්ගෙන් හම්බ කරනවා. අපිට කිසිම ඩොලරයක් උපයන්න අයිතියක් නෑ.
කාලෝචිත ක්‍රියාමාර්ගයක් ,තාවකාලික විසඳුමක් ලෙස අරඹා පසුව රිලා ගැටලුවට සුදුසු දීර්ඝ කාලීන විද්‍යාත්මක විසඳුමක් දීම සුදුසුයි .මෙය දේශපාලන කෝණයකින් බලා අකුල් හෙලීම නොකළ යුතුයි
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවු ලක්ෂයක් .මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොමලා බූරුවෝ කියලා වෙන්න ඇති
චීනයේ සත්තු වත්තකට දියනන්නාවෙ ඉන්න 225 යවන්න බැරිද?
ඕක කියන්න තිබුනේ තව අවුරුද්දක් විතර ගිහිල්ලනේ .මගෝඩි වැඩ .මගෝඩි ලන්තේ
ඒක හොඳයි .මෙහෙම ගියොත් රිලවුගෙන් කිසි දෙයක් බේර ගන්න බැරි වෙනවා