(විමුක්ති එස් රුද්‍රිගු)
රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එසේම රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේදී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක ආනයනය කිරීමේදී අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකක යයි. එම ඒකකයේ අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයෙන් ආනයනය කිරීමට හෝ චීනයට අපනයනය කළ නොහැක.
චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ජෙප්පන් බලං හිිටියා නොමිලේ චීනෙට යන්න. ඒකත් හබක්...
ඔය ඇමැති චීනයේ සත්තුවත්තට යවාගත්තා නම් හරි. මුළු ඇමැති මණ්ඩලේම යවමු...
එතකොට කොන්දොස්තර මහත්තයා කියන්නේ බොරුද?
මහින්ද කියන නම ගෑවිච්චි තැන බොරුමයි කියන්නේ... කාලකණ්ණි...!
මයිනෝ ඉන්නවා…. ලාබෙට දෙන්නම්…
රිලා අමරවීර
දූෂිත දේසපාලුවෝ කට ඇරියොත් බොරුමයි කියන්නේ .
ඔය දියවන්නාවේ ඉන්න ගොන් හරක් ටිකව චීනයට පැටෙව්වා නම් හරි මොළ ටික කන්න.
කිව්වොත් කියන්නේ කෙබරයක්... මොවුන්ව ගහලා පන්නන්න ඕනේ...
ඔවුන්ම බොරු විකට ප්‍රවෘත්තියකට හේතුවක් හදාගෙන ඔවුන්ම ඒක විශ්වාස කරගෙන ඔවුන්ම ඒ විකට ඇඳුම ඇඳගෙන ගොටු මාධ්‍ය හරහා ඒක රඟ දක්වාගෙන, ඔවුන්ම ඒකට කෑගහගෙන ප්‍රශ්නයක් හදාගෙන ඒකෙන් වාසිය ගන්න හදන සීන් එකක් තියෙන්නේ...
මීහරක් රංචුවක් ඉන්නවා... සල්ලි එපා ප්ලීස්... බාරගන්න...!
ඒකනේ...? මන්ත්‍රීලා ඉල්ලුවාම හිතලා තියෙන්නේ රිළව් ඉල්ලුවා කියලනේ...!