








(ක.ග කරුණාරත්න)
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ දේහය අද (05) පෙරවරුවේ පොළොන්නරුවට රැගෙන එනු ලැබීය.
පසුව පොලොන්නරුව නගරයේ සිට ප්‍රදේශයේ ජනතාව රථ පෙරහරකින් රණවිරුවාගේ ගම් පියස වන පුලස්තිගම, අභයපුර වෙත රැගෙන එන ලදී.
මේ අවස්ථාවට තමන්කඩුව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, මේජර් ජයවික්‍රම මහතාගේ පවුලේ ඥාතීහු ප්‍රදේශවාසී මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරු ඔබට නිවන් සුව.
විරුවාණනි ඔබට නිවන්සුව
මගේ ඇස් වලට කඳුළු ඉනුවා මේ දසුන් දැක්කම.