(ඉන්දිකා රාමනායක)
ගතවූ පැය 24ක තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම පිරිස අතරින් පස් දෙනකු යතුරුපැදිකරුවන් ද , තිදෙනකු පදිකයින් ද, එක් අයකු ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයකු ද වන බව පොලිසිය සඳහන් කරයි .
රිය අනතුරු අවම කරගැනීම සඳහා නිරන්තර මෙහෙයුම් සිදුකරමින් පැවතිය දී මෙවැනි අනතුරුවලින් දිනකට පුද්ගලයින් 9 දෙනකු මියයාම අවාසනාවන්ත සිද්ධියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ජීවිත අනතුරේ හෙළමින් නොසැලකිලිමත්ව ,බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රථ ධාවනය කිරීමෙන් වළකින ලෙසට සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද රථවල වේගය 30 කරන්න. මොවුන්ට දැඩි සීමා දාන්න... වයස 25ට අඩු අයට පැදවීමට අවසර නොදෙන්න..