
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් මෝටර් රථයක් අද (10) අලුයම පොහොන්නරුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ඇලකට වැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණියකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මීරිගම මුගුරුගම්පල සංඝමිත්තා මාවත පළමු පටු මගේ පදිංචිව සිටි දිනුෂා නිෂානි විජේසේකර නැමති තිස් හැවිරිදි තරුණියකි.
ඇය නුදුරු දිනයක විවාහ වීමට නියමිතව සිටි තරුණියක බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මියගිය තරුණිය ගේ මව පියා හා සහෝදරයකු බව පොලිස් පරීක්ෂණයේදී හෙලිවී ඇත.
මෙම පවුලේ පිරිස කිසියම් අවශ්‍යතාවයක් සඳහා අත්තනගල්ලට ප්‍රදේශයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි හෙළි වී ඇත.
අනතුරින් තුවාල ලැබූ පිරිස මීරිගම රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට තරුණිය මිය ගොස් සිටි බව හෙළි වී ඇත.සෙසු තුවාලකරුවන් මේ වන විට වතුපිටිවල මූලික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණියගේ දේහය පිළිබඳව මරණ පරීක්ෂණය අද 10 සවස මීරිගම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් තරුණියක් මරුට