(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරයේ සිට කළුතර බලා ගමන් ගනිමින් තිබු වැන් රථයක් නාච්චාදුව හන්දිය ආසන්නයේ කාර්මික දෝෂයක් නිසා නවතා තිබු බස් රථයක පසුපස ගැටිමෙන් වැන් රථයේ ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි එච්.එම්.ප්‍රේමරත්න(69)හැවිරිදි පුද්ගලයෙකි.
වැන් රථයේ ගමන් ගත් මෙම පිරිස කළුතර ප්‍රදේශයේ පදිංචි නෑදැයන් පිරිසක් බව පොලිසිය කියයි. ඔවුන් කළුතර සිට අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගෙන සිය නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුරට ලක්වි තිබේ.
වැන් රථය අනතුරට පත්විමෙන් මිය ගිය පුද්ගලයාට අමතර කුඩා දරුවන් පස් දෙනෙකුත් කාන්තාවන් සිවු දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුත් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.වැන් රථයේ රියදුරාද තුවාල ලැබුවන් අතර සිටිති.
වැන් රථයේ රියදුරා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. සිද්ධිය සම්බන්ධයෙන් කවරක්කුලම පොලිසියේ ස්ථානාධිපති ඒ.කේ.හේරත් මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රිය අනතුරින් අයෙක් මරුට