(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බන්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද (25) ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි
තුවාල ලැබූවන් අතර ත්‍රී රෝද රථයේ රියදුරු,ඔහුගේ පියා හා සහෝදරයන් දෙදෙනා සහ ලොරි රථයේ රියැදුරු ද වන බව පොලිසිය කියයි
කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ තිරෝද රථය මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් කරමින් සිටි ලොරියේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
තුවාල ලැබූ තිරෝද රථය සිටි පිරිස අනතුරත් සමග ත්‍රිරෝද රථයෙන් පිටතට විසි වී මාර්ගයේ වැටී සිටියදී එයින් බරපතල තත්ත්වයේ සිටි දෙදෙනකු 1990 සුවසැරිය ගිලන් රථයෙන්ද අනෙක් දෙදෙනා කැබ් රථයකින් ද ,තවත් අයකු ලොරියකින් ද රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි’
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රිය අනතුරින් 5 ක් රෝහලේ