( තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර.)
ගම්පහ , මිරිස්වත්ත මංසන්ධියෙහි වර්ණ සංඥා අසලදී අද (22) පෙරවරුවේ වෑන් රථයක බස් රථයක් ගැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත.
කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත වර්ණ සංඥා අසලදී වෑන් රියක් වතුරුගම මාර්ගය දෙසට ධාවනය වෙමින් තිබියදී ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව යක්කල පොලීසිය පවසයි.
මෙහිදී තූවාල ලත් දෙදෙනෙකු රෝහල් ගත කළ බවත් බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් යක්කල පොලිස් ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා ගේ උපදෙස් පරිදි රථවාහන අංශය මගින් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd