(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ නිවෙසක රඹුටන් ගසක නැඟ සිටි සිටි අවරුදු 10 වයසැති දැරියක පය ලිස්සා එම ගසේ දෙබලක් මතට ඇඳ වැටී ගෙල සිරවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බලංගොඩ රත්මලවින්න මහා විදුහලේ හය ශේණියේ ඉගෙනුම ලබමින් සිටි මලිිෂා තත්සරණි නැමැති දැරියක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රඹුටන් ගසේ අඩි 20 ක් පමණ උස කින් තිබූ දෙබලක මෙම දැරියගේ ගෙල සිර වි සිටිනු දුටු ඇපේ මව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැරිය බලංගොඩ මුලික රෝහලට රැගෙන ගොස් තිබෙන අතර රෝහලට අතුලත් කරන විටද ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා... අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා..!!!
ලමයින්ට මොකටද ඔච්චර උඩ නගින්න දෙන්නේ . දෙබලක නෙවෙයි බිමට වැටුනත් ඇති මේවා කියවන අය වත් දරුවන් ගැන මේයට වඩා සැලකිලිමත් වෙයි ..
නිවන් සැප ලැබේවා දුවේ..!
අනේ පව් මේ දරුවා. පුතේ ඔබට නිවන් සුව අත්වේවා...!!!
පොඩි දරුවන් ඇති දෙමව්පියන් ඔවුන් කුමක් කරන්නේදැයි කල්පනාවෙන් සිටිය යුතුය. කුඩා කළ ඔය වයසේදී මාවත් අරලිය ගසකින් ඇදවැටී සිහි නැතිව සිටියා... ඒ තුවාල වල කැළැල් තාමත් තියෙනවා. දුවේ.., ඔබේ අකල් මරණය මටත් මහා දුකකි. නිවන් සැප ලැබේවා..
රෝහල් වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති මේ අවදියේ සියලුම අවදානම් ක්‍රියාකාරකම් වල නොයෙදීමට හැම දෙනාම සිතට ගත යුතුයි...
දරුවන් හදන්න එපා බලන්න බැරි නම්... මේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ අකල් මරණයකි. ඔවුන්ට නීතිය මගින්ද දඬුවම් කළ යුතුයි.