
(ශාන්ත පී. බණ්ඩාර)
රඹුක්කන බොලගම ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය අක්කා මලෝ දෙදෙනකු සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර මල්ලි මිය ගොස් අක්කා අතරුදහන්ව ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මල්ලීගේ සිරුරු සිද්ධිය වී පැයකට පමණ පසුව ප්‍රදේශවාසීන් විසින් සොයාගන්නා ලදි.
පී.ජි.අධීෂා නෙත්මිණි සහ පී.ජි.ජී.නිම්සර යන දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා සිටිති.
සිය පියා සමග දිය නෑමට ගිය මෙම නව හැවිරිදි අක්කා සහ පස් හැවිරිදි මල්ලී මා ඔයේ පීනද්දී ගසාගෙන ගොස් ඇති අතර ඔවුන් බේරාගැනීමට ගිය පියා ද සැඩපහරට ගසා ගෙන ගොස් ඇත. පසුව ඔහු ගසක අත්තක එල්ලී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ රඹුක්කන වැලිකන්දේ පදිංචි දරුවන් දෙදෙනෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd