
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
“අපි රූමස්සල ජෛව විවිධත්වයට හානි වන අයුරින් රක්ෂිතය මැදින් පාරක් කැපීමට ඉඩ දෙන්නේ නැහැ” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පැවසීය.
ගාල්ල රූමස්සල සොබාකෙත පරිසර මධ්‍යස්ථානයේ පැවති පරිසරය සුරැකීමේ වැඩ සටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ඇමතිවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම ස්ථානය මැදින් පාරක් කැපීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේනම් අනිවාර්යෙන්ම එම කටයුත්ත පවතින පරිසර නීතිරීතිවලට එකඟව සහ එම නීතිරීතිවලට අනුකූලව සිදුකිරීමට අදාල අංශ වලට උපදෙස් ලබාදෙන බවයි.
දැනට කැලෑ කැපීම හිතුවක්කාරයේ සිදුනොවන බවත් රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ගෙන ඇති තීරණය මත සමහර අවස්ථාවලදී පෞද්ගලික ඉඩම්වල ඇති වෘක්ෂලතා ආදිය පවා ඉවත් කිරීමට සිදුවන බවත් එම ගස් වෙනුවට ඉවත් කරන ගස් ප්‍රමාණයට වඩා වැඩි ගස් ප්‍රමාණයක් නැවත සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය වශයෙන් පියවර මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර සියල්ලම අසත්‍ය බව පෙනී ගොස් ඇති බවත්, නීතිවිරෝධි කැලෑ එළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයේ නඩු 100 ක් පමණ ඇති බවත් ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට ඕවා තේරෙන්නේ නැහැ. අර නන්දසේනට කියන්න. එයා ලස්සනට කියයි කැලේ මැදින් පාර කපන හැටි.
අර රාජ මණ්ඩපය හබස්... ඒ වගේම උද්‍යානය හබස්.. කෝ කවුරුවත් ඇල්ලුවද? අර බුවනෙකබාහු රජතුමාගේ චරිතය ඝාතනය කළා වගේ...
කැලේ හානි වෙන්නේ නැතිව කැලේ කපන හැටි හොයාගත්ත අපේ ආණ්ඩුවට ඉදිරියේදී නොබෙල් ත්‍යාගයටත් නිර්දේශ වෙයි..
තියෙන ස්වභාවික කැලෑ ටික කපලා ගස් හිටෙව්වාම පරිසර පද්ධති දවස් දෙකෙන් තුනෙන් හැදෙන්නේ නැහැ කියලා නොතේරෙන හැටි..!!!
කෙසේවෙතත් සමාජ මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් ගෙනයන ප්‍රචාර සියල්ලම අසත්‍ය බව පෙනී ගොස් ඇති බවත්, නීතිවිරෝධී කැලෑ එළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයේ නඩු 100ක් පමණ ඇති බවත් ඇමතිවරයා කීය.
හරි.., ඒ කියන්නේ කපනවාම තමයි.
රූමස්සලට ගිය අය දන්නවා මේකේ අළුතින් පාරවල් කපන්න ඕනෑ නැහැ කියලා. ඕනෑතරම් පාරවල් මේක ඇතුලේ තියෙනවා. ගෙවලුත් එහෙමයි. තියෙන පාරවල් තවත් හොඳට කාපට් කරන එක විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. නිකං රැල්ලට කතාකරන අය ගිහිල්ලා බලලාම අදහස් දක්වන්න. එතනට වෙන්න ඕනෑදේ සියල්ල දැන් වෙලා ඉවරයි. අවු 25-30 පරණ ගෙවල් ඕකේ තියෙනවා.