IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රොබෝවෙන් මිනිසා රකින්න ගේන අලුත්ම නීති හත

(සුජිත් හේවාජුලිගේ)

කෘත්‍රිම බුද්ධියේ බල­යෙන් ජන­තා­වගෙන් ගන්නා තොර­තුරු ආරක්ෂා කිරීමේදී අද දැඩි අභි­යෝ­ග­යක් මතුවී ඇතැයි ආසි­යානු පැසි­ෆික් කලා­පයේ නීතිඥ සම්මේ­ල­නයේ (LAWASIA) සන්නි­වේ­දන, දත්ත ආර­ක්ෂණ සහ තාක්ෂණ කමිටුවේ සභා­පති ආචාර්ය නීතිඥ සුනිල් අබේ­රත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සුනිල් අබේරත්න මහතා මෙසේද කීවේය

පෞද්ගලික තොරතුරුවල ආරක්ෂණ භාවයක් තිබිය යුතුයි..තමා අදහන දේ කන බොන දේ ගැන කතා කිරීමට හෝ නොකිරීමට තමාට නිදහසක් තිබිය යුතුය. ඒ පිළිබඳ තොරතුරු අවසරයකින් තොරව කාටවත් හෙළි කරන්න බැහැ. ඉන්දියාවේ දත්ත ආරක්ෂණය මූලික අයිතිවාසිකමක්

දේශයන් අතර දත්ත හුවමාරුව අඩු වියදමකින් කිරීමේ හැකියාව නිසා පෞද්ගලිකත්වය ආරක්ෂා කරන දැඩි නීති පනවන්න විවිධ රටවල්වලට අවශ්‍ය වුණා. යුරෝපා රටවල් දත්ත ආරක්ෂණ නියමයන් වෙනුවට දත්ත රෙගුලාසිය හඳුන්වා දුන්නේ ඒ නිසයි.

ගන්නා දත්ත කිසිවෙකුටත් විකෘති කළ නොහැකියි. ඒවාට උපරිම ආරක්ෂාව සැලසිය යුතුය. හැමවිටම දත්ත සම්බන්ධයෙන් විනිවිද භාවයක් තියෙන්න ඕන. පෞද්ගලික දත්ත ආරක්ෂණය කඩ කළොත් ක්‍රියාමාර්ග ගැනීමට රටකට නීති පද්ධතියක් අවශ්‍යයි.කෘතිම බුද්ධියෙන් කටයුතු කරනකොට මිනිස් නිව්රෝන සෛල හැසිරෙන ආකාරයට ම කටයුතු කාරණා ආකාරයක් පේනවා. අදාල මෙවලම පුරුදු පුහුණු කරන ආකාරයට එහිදී කටයුතු කරනවා. තවත් විදියකින් කියනවා නම් කෘතිම බුද්ධියෙන් කටයුතු කරද්දී නියාමනයෙන් තොර වෙනවා.

තිස් අටවෙනි ආසියානු පැසිපික් නීතිඥ සම්මේලනය ආසියානු පැසිපික් කලාපයට අදාළ දත්ත ආරක්ෂණයට සහ නීති වෘත්තියට ඇති අභියෝග ජයග්‍රහණය කිරීම තේමා කරමින් වියට්නාමයේදී ලබන 11- 13 දක්වා පවත්වනවා.

සුනිල් අබේරත්න මහතා මෙහිදී දත්ත ආරක්ෂණයට අදාල රීති හතද ප්‍රසිද්ධියට පත් කළේය.

දත්ත ආරක්ෂණ රීති 7

1 පුද්ගලික දත්ත එකතු කිරීමේදී එහි අවශ්‍යතාවය පිළිබඳව පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කළ යුතුය.

2 එහිදී අවශ්‍යතාවයට වඩා දත්ත ලබා නොගත යුතුය

3 එසේ ලබා ගන්නේ නමි ඒවග දත්ත අයිතිකරුට දැනුම් දියයුතුය

4 ලබාගත් දත්ත විකෘති නෙකළ යුතුය

5 ලබාගත් දත්තවලට ආරක්ෂාව දිය යුතුය

6. ලබාගත් දත්තවල පාරදෘෂ්‍යභාවය තිබ්ය යුතුය.

7 අවශ්‍යවිටක දත්ත ලබා ගැනීමට දුන් කැමැත්ත දත්ත අයිතිකරුට ඉවත්කළ හැකි විය යුතුය.

 



අදහස් (0)

රොබෝවෙන් මිනිසා රකින්න ගේන අලුත්ම නීති හත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site