හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්ත මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ආර්ථික ඔස්තාර් බන්දුල? දැන් කියයිද දන්නේ නැහැ ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා රුපියල බාල්දු වෙනවා කියලා.
එහමනං අර බහුතරය වෙනුවෙන් පිල්මාරු මන්ත්රීලාට ලැබුණු ඩොලර් මිටිවලට හොඳයි. ඊළඟ පාර මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දානකොට ඇලෝසියස්ලා අවශ්‍ය නැහැ.
බන්දුලටත් බෑ. කයිවාරු විතරයි. 2500 කන්න පුලුවන් කිව්වා වගේ. අර එයාගේ ආර්ථික පරීක්ෂණ ඒකකය කොහෙද දන්නේ නෑ.
කෝ මේ බන්දුල ගුණවර්ධන ?
ජයම ජයවේවා මහ රජාණෙනි...!
ඔය පාර කියාවි ඕක වුනෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, සිරිසේන මහත්තයාගේත්, යහපාලන රජයේ වැරැද්ද නිසා කියලයි !
බන්දුල නෙවෙයි කවුරු ආවත් ඔහොම තමයි. අර මහා කෙනාව අයින් කරලා දානකම් හරියන්නේ නැහැ. ඒ අයට අවුලක් නැහැ.. ඒ අය සැප විඳිනවා සුපිරි එකට. අනේ අපේ දුප්පත් රට. දවසින් දවස දුප්පත් වෙනවා. දේශපාලනය කරන අය දවසින් දවස පොහොසත් වෙනවා...
අපිට රුපියල් පහළ ගියාට කමක් නැහැ. මහින්ද මහත්තයා ඕනෑ. අපි ළඟ ඕනෑතරම් අමෙරිකන් සල්ලි තියෙනවා.