
(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මැතිසබයේ වෙන් කෙරුණු ආසනයට යාබද ආසනය වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඔහුට බොහෝ දුරට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය දැනටමත් වෙන් කර ඇති බවයි .
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂය සඳහන් කර ඇතත් ඒ තීරණය මැතිවරණ කොමසාරිස්වරයාට තවමත් දැනුම් දී නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී අදාළ ගැසට් නිවේදනය නිකුත්වූ වහාම නියමිත අසුන් වෙන් කිරීම සිදුකරන බවත් වේත්‍රධාරිවරයා කීය .
කෙසේ වෙතත් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය .
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී මේවනවිට ගත වී ඇති කාලය වසරකට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් හොදයි හොදයි
අනුර කුමාරගේ අන්තිම දවස් ටිකද දන්නැ
හැමෝම බලන් ඉන්නේ මෙක සජිත්ට දීලා ගෙදර යනකල්
ඇති යාන්තම් කාලෙකට පස්සේ
අනුර කුමාර මහත්තයො පුලුවන් නම් හිටපු අගමැතිතුමාවත් පක්ෂයට ගන්න
කෙසේවෙතත් පරණ නාඩගම්... කලාවේ නාඩගම ගැන අනුර කුමාරට කියාදෙයි...
කරපු දේවල් නැවත සමාලෝචනය කිරීමට කදිම අවස්ථාවක්...
ආන්දෝලනයකට තුඩු දී ඇති වාහන තොගයක් ආනයනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය පිළිබඳ අනුරගේ මාධ්‍ය සාකච්ඡාවත් බලන්න.
දැන් අරලියගහ මන්දිරයේ කරපු සාකච්ඡා ටික කාලෙකට පස්සේ අතළඟින් ඉඳන් කරන්න පුළුවන්. අතිජාත මිතුරන් එක ළඟින්...
දුෂ්ටයන්ට දුෂ්ටයන් එකතු වෙනවා කියන පැරණි කියමන අදටත් වලංගු බව මොනවාට කියමුද
අනුර කුමාරට ලැජ්ජා නැතිකම ගැන කියලා දෙන්න.
හොදට ගැලපෙනවා
හාමු මහත්තයා සමග ගජ මිතුරා
කුණු ගොඩට කුණු... මඩ ගොඩට මඩ... බොරු ගොඩට බොරු... වීසා ගොඩට වීසා... හරි පුදුමයි..
පාර්ලිමේන්තුවේ කොට කලිසම් අදින්න දෙන්නේ නැ නේද ?
සුදුස්සන්ට සුදුසු තැන!
කොහොමත් ලැජ්ජා නහරෙ කපලානේ තියෙන්නේ...!!!
රනිල්ට තිබුනේ බොරු නොකර ආණ්ඩු පක්ෂයේම ආසනයක් තෝරාගන්න.
පැරණි යුවළක් !
ඒක හොඳයි... ජවිපයේ 60000ක් මැරුවා ඒක ගැන විස්තර ඉල්ල ගන්න.
රාජපක්ෂලා කොපමණ හිටියත් හැන්ද තියෙන්නේ රනිල් ළඟ. දැන් යුරෝපා රටවල් ලංකාවට දෙන බදු සහනේ නවත්වන්නට යන්නේ..මේක නවත්වන්න පුළුවන් රනිල්ට විතරයි.