(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවෙන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නැයි යන ඉල්ලීම යැයිද එය නොතේරුණු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ සිටීම ජාතියට අහිතකර කාරණයක් යැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ මූලික නීතිය පසෙක දමා රට පාලනය කරන විට කිසිම රටක් ලංකාවට ණය ආධාරයක්වත් නොදෙනු ඇති බව කී අබේවර්ධන මහතා එයින් පාඩු වන්නේ පටු දේශපාලන වාසි බලාගෙන කෑ ගසන දේශපාලකයන්ට නොව අහිංසක ජනතාවට බවද සඳහන් කළේය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව නොතේරුන සමහර අය හමුදාවට දොස් කිව්වා යැයි චෝදනා කර තිබු බවත් එවැනි දේ කියන්නේ ඔවුන්ගේ නොතේරුම් කම නිසා බවත්ය.රටක් පාලනය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බව සියලු දෙනා සිහි තබාගත යුතුයැයි ද අබෙිවර්ධන මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා පාලනයේ හිටියා නොව බොහෝ කාලයක්... ඉතින් මේ හිටවන බතල කොළ ගැන කාටවත් තේරෙන්න නැතුවා වෙන්නැති. ඒක නොවැ එළවලාම දැම්මේ... ඔය ඉතින් පාර්ලිමේන්තු අාවේ පොඩි වෙට්ටුවක් දාලා නොවැ...
තාමත් අපිව අන්දන එක තමයි කරන්නේ. පැන්ෂන් ගත්තා නම් ගෙදර හිටියා නම් ඉවරයිනේ...
තමන්ගේම රටේ හමුදාවට විරුද්ධව ජිනීවා ගියපු, තමන්ගේම රටේ මහබැංකුව කඩපු, අලුතෙන් හදපු වරාය චීනෙට විකුණපු එකෙක්ගේ කතාව මොනවා කරන්නද?
රනිල්ට රටහදන්න ජනතාව අවස්ථාව දුන්නා.. ඒත් කවදාවත් දේශීය සංස්කෘතියට මුල්තැන දුන්නේ නෑ. දැන් 70 ත් පැනලාද රට හදන්න එන්නේ...?
දැන්නම් මිනිස්සු කියන්නේ රනිල්ගේ පාර්ලිමේන්තු කතාව ජනතාවට නොතේරීම ජාතියේ අභාග්‍යයක් කියලා නෙමෙයි එජාපයේ අභාග්‍යය කියලා. අද රනිල් නිසා එජාපය මලගම ගිහින් ඉවරයි. මොකද එජාපය අයිති රනිල්ට නෙමෙයි.... එජාපය අයිති මහජනතාවට. එජාපය නැත්තට නැති කරපු එකේ සාපෙන් ගොඩගන්න පුළුවන් එකම කෙනා සජිත්ට එජාපය බාරදීලා නම්බු පිටින් ගෙදර යන්න කියන්න.
රනිල් මහතාගේ යහපාලනේ කතාවල් තේරුම් ගත්ත නිසා තමයි ‘0‘ ලැබුණේ ජනතාවගෙන්...
වර්තමාන වල් වැදුණු පාලනයට සෘජුවම රනිල් වගකියන්න ඕනේ.. ඔහුට 2015 ජනවරම හරියට කළා නම් වර්තමාන හොරු ඔක්කොම දැන් ඉන්න ඕනේ හිරගෙවල්වල.
රටේ මහ කුළුණක් වගේ තිබුණු එජාපය බිමට ඇදලා දාලා, වෙනත් කිසිම කෙනෙකුට පක්ෂ නායකත්වය නොදී අන්තිමේදී පින් මන්ත්‍රී කමකින් යාන්තම් පාර්ලිමේන්තු ආපු රනිල්, ඔබේ පක්ෂයටත්, රටටත් අභාග්‍යයක් කියලා හිතෙන්නේ නැද්ද?
පාස්කු බෝම්බෙට පස්සේ ඇවිල්ලත් හිනාවෙවී ඉතා හොඳ කතාවක් පැවැත්තුවා මතකයි.
හොම්බට දෙකක් ඇනලා දාන්න බේරෙට...
තමාගේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ රනිල්ට, රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ගැන කතා කරන්න සදාචාරයක් තියනවද?
අපිට හැමදාම මීඩියාවලින් ලියපු දේවල්, කියපු දේවල් අනුව මිනිස්සු කවුද කියලා තීරණය කළා.. හැබැයි මේ මීඩියා කවුද ඒ වචන අතර තියෙන ඇත්තම තේරුම් මොකක්ද? යටි අරමුණු මොනවාද? කියලා හොයලා බැලුවේ නෑ. රනිල්ලාගේ, මහින්දලාගේ පොලිටිකල් ගේම් එක මොකක්ද කියන දේ අපිට තේරුම් ගන්න හැමදාමත් බැරි වුනේ නැත්තම් වැරදි විදිහකට තේරුම් ගත්තේ ඒක නිසයි. 1995 රනිල් එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගත්තේ ඔහුගේ පක්ෂ දෙවැනි පෙළ වගේම පසු පෙළත් විනාශ වෙලා තිබ්බ වෙලාවක ඇත්තම කතාව නම් මිනිහාට මුල් පෙළ වගේම දෙවැනි පෙළ හදන්න අවුරුදු 20කට ආසන්න කාලයක් ගතවුණා. හැබැයි එහෙම හදලා ඔලුව උස්සන්න හදපු හැම වේලාවේම පක්ෂයේ ඇතුළේ ටිකක් මිනිහට හැමවෙලේම විරුද්ධ වුණු කීප දෙනෙක් සිටියා.. සේනානායකලා අතුකෝරලලා අල්ලගෙන හිටපු මේ කට්ටිය ටික කාලයක් යද්දි ඇටෙන් පොත්තෙන් ආපු සජිත්ව අල්ලා ගත්තා. ඒ වගේම මිනිහත් ඒකේ එල්ලුණා.. පොලිටිකල් ගේම් ගහලා බලය ගත් හැමවේලාවකම මේ සෙට් එක රනිල්ට පිටිපස්සේ ඉඳන් ගේමක් දෙන්න සූදානම් වෙලා හිටියා. ඒත් ඒ සෙට් එක අදත් කියන්නේ රනිල් මුකුත් කරේ නෑ කියලා..
ඒත් ඒ සෙට් එක අදත් කියන්නේ රනිල් මුකුත් කරේ නෑ කියලා... හැබැයි මීඩියාවල බොහෝ මිනිස්සුන්ට අමතකයි හැමදාම රනිල්ගේ ගේම් එක අනිත් පැත්තට ඇද්දේ මේ ටික කියලා අවුරුදු 20ක් කුණු කාලා පක්ෂය ගෙනාපු තැන් වගේම තමන් හදාගත්ත තැන දාලා යන්නත් රනිල් කොයි වෙලාවකවත් සූදානම් වුණේ නෑ.. මිනිහා ඒක රැකගන්න පුදුම ගේම් එකක් ප්ලේ කළා... 2005දී ප්රභාකරන් රනිල්ට බලයට එන්න දුන්නේ නෑ.. හැබැයි මිනිහාගේ ගේම් එකෙන්ම ගහලා කරුණා එල්ටීටීඊ එකෙන් කඩලා දැම්මා. හැබැයි මීඩියා දැක්කේ රනිල් ගහපු සාම ගිවිසුමෙන් කරපු එක පැත්තක් විතරයි... අවුරුදු විස්සක් තිස්සේ පක්ෂය ඇතුළේ තමන්ගේ වගේම පක්ෂයේත් ගමනට බාධා කරපු සජිත් ඇතුළු ටීම් එක පන්නන්න රනිල් ගහපු ගේම් එක කාටවත් හිතාගන්නත් බෑ. මේ ගේම් එකේ රනිල් අද වැදගත් මංසන්ධියකට ඇවිල්ලා තියෙනවා... තමන්ගේ මාමණ්ඩි ගෙනාපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නැවත බලය ගන්න ඉතාම සටකපට ගේම් එකක් රනිල් කරන බව මුළු ලංකාවටම පේනවා.. හැබැයි එකක් නියතයි.. ගේම් එකක් නැති පොලිටික්ස් බෝරින් වගේම රනිල් නැති පොලිටික්ස් බෝරින් බව පසුගිය කාලයේ පුරාම අපි දැක්කා...