
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමෙන් අනතුරුවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නුලුපුලී ලංකපුර මෙනවිය ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඊයේ මුදා හැරියාය.
වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝධිපූජාවක් තියල පොල් ගැහුවොත් ඉහෙන් බහින රෝගයක් නැතුව ඇඳෙන් බැහැල යන්න පුළුවන් වෙයි. ආ ... තව ජීවනී ටිකකුත් පොවන්න මතක ඇතුව.
මෙයාටනං මදුරැ දැලක් දැම්මම ඇතිවෙයි.
බුදු අම්මෝ., නඩු ටික ඉවරවෙනකල් කොහොමහරි උන්දැගෙ පණ ගැට ගහල තියාගන්න ඕන.
පිස්සු කතාවක් නේ… ඔය ආරක්ෂාව දුන්නේ හොස්පිටල් එකෙන් පැනලා නොයන්න මිසක් මොන එහෙකටද ආරක්ෂාවක්?