
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන නායකයන් ඇතුළු සැමට ස්තුතිය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු විභාග වන අවස්ථාවට සහභාගී වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න පැමිණි සැමට ස්තුති වන්ත වෙනවා.සමගි ජන බලවේගය විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමටත් අනෙක් පක්ෂ වල නායක වරුන්ටත් අප ස්තූතිවන්ත වෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔවුන්ගේ සහයෝගය ලැබුණා.
අපේ ප්‍රතිවාදීන් ලෙස සිටි පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමත් මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති තුමන්ලාටත් ස්තුතිය පුද කරනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හොරකමට පක්ෂයි. රටේ මහජන ධනය කොල්ලකනවාට කැමතියි. ඔබටත් ස්තූතියි.
කවමදාවත් එකම වේදිකාවට නැගපු නැති, දූෂිත දේසපාලුවෝ සෙට් එකම එකට එකතු වුනේ, දූෂිතයෙක් රැකගන්න කියන එක සිහි කල්පනාව තියන අය හොන්දාකාරවම දන්නවා...
සබන් කෑල්ලක් අරගෙන මමත් ආවා.
ලැජ්ජා නැද්ද? විජේ හොරන්ට කඩේ යන්න.
රුවන් තමුන්ගේ පරම්පරාවේ නම්බුව රැකගෙන… සමරිසි කෙනෙක් නොවී , ඉන්නවද?