IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රනිල් බලන්න මහින්දත් එයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණියේය.

වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසා පවතින තත්වය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව  රාජපක්ෂ මහතා  ඉන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිලුපුලී  ලංකාපුර මෙනවිය නියෝග කළාය



අදහස් (12)

රනිල් බලන්න මහින්දත් එයි

Achi Saturday, 23 August 2025 12:12 PM

2019 බලය ලැබුණු ගමන්ම රනිල්ව හිරේ දානවා කියලා කියපු කට්ටිය දැන් අඬනවා.

:       84       18

Angna Kouross Saturday, 23 August 2025 12:39 PM

නවතින්නම බලාගෙන ආවා නම් හොඳයි. නෝනත් එක්කම නම් තවත් හොඳයි. පවුලටම පහසුකම් හෝයාගන්නත් ඕනෑනේ.

:       78       28

lankaputha Saturday, 23 August 2025 01:50 PM

"රනිල් මහතා හෝ මහින්ද මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බැවින්, රඳවා සිටින සිරකරුවන්ට පොදු ජනතාව හමුවීම සඳහා කිසිඳු ව්‍යවස්ථානුකූල විධිවිධාන තිබේද?"

:       54       17

රනේ Saturday, 23 August 2025 02:17 PM

එතකොට අර්ජුන් මහේන්ද්‍රන් යාළුවා..?

:       5       26

Ranjit Saturday, 23 August 2025 02:31 PM

තිරුපති ශ්‍රී වෙන්කටේශ්වර දේවාලෙට බරට බරක් දඹ රත්තරන් පුජාකරන්න යන්න, පුතංඩියාගේ නාවික හමුදා පුහුණුව අවසන් කළ උත්සවයට තිස් පස්දෙනෙක් එකතුකරගෙන ලන්ඩන් යන්න සහ තව පෞද්ගලික ගමන් බිමන් වලට යන්න ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අරගෙන දරුමල්ලෝ පටවාගෙන පවුල් පිටින් ගිය ගමන් වාර සිහිවෙන්න ඇති මගේ හිතේ...

:       47       23

විපරමා Saturday, 23 August 2025 03:36 PM

සාටකයෝ ආර්තික ගාතකයෝ, පට්ට හොරු, මිනිමරුවෝ, බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා රටම දන්නවා. සුනාමි හොරා, නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මහින්දයා මෙළහකටත් හිරේට යවලා ?

:       31       13

samare Saturday, 23 August 2025 03:50 PM

සිරිලිය නොහොත්" හොරලිය " නඩුව , එතකොට ශිරන්ති වෙසක් බලන්න පැරීසියට ගිහින් නාස්ති කරපු රටේ සල්ලි...ඕවා ඔක්කොම එනවා...ඇයි තජුදීන් ?

:       27       8

අරුණි Saturday, 23 August 2025 04:25 PM

සුන්දර නාට්‍ය සංදර්ශන අවසන් වූ විගස මාලිමා ජෙප්පන්ට සැබෑලෝකයට පිවිසෙන්න සිදුවෙයි.

:       13       69

nihalSaturday, 23 August 2025 06:51 PM

අරුණි තමුන් එදා වගේම තමාත් ස්වභාව ධර්මය ගැන නොතේරෙන නන්නත්තාර වී ඉන්න පීචන් හිල් මෝලක්.

:       1       5

කපුරුහාමි Saturday, 23 August 2025 04:41 PM

නොගිහින් බෑනේ. දූෂිතම පවුල් පාලනේ අය රැකපු එකනේ එයත් කෙරුවේ?

:       40       11

Rohan Saturday, 23 August 2025 07:59 PM

අනේ මේ බොරු නොකර ඔබලා සියළු දෙනාම එක පක්ෂයකට එන්නකෝ... මැතිවරණවලදී බොරුවට පක්ෂ හදාගෙන වෙනවෙනම ඡන්ද ඉල්ලලා ජනතාව රවට්ටන්න මින් ඉදිරියට නම් බැරිවෙයි...

:       2       3

Nandalal DE SILVA - France Sunday, 24 August 2025 03:11 PM

මහින්ද එහි ගියේ රනිල් මැතිතුමාගේ සුවදුක් බලන්න පමණක් නොවෙයි ! ලඟදීම එයාටත් හිමිවන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කියවුනොත්, එය නිවරදි නේද? "හෙරලිය" අතුළ රාජපක්ෂ පරම්පරාවටම, මේ බන්ධනාගාරයේ සැලකිය යුතු ඉඩක් තිබේද කියා මහින්ද සියැසින්ම බලාගත් එක හොඳයි!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 130 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site