
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව අද (9) ඒකමතිකව තීරණය කළේය.
ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගනා තීරණයක් .පළාත් පාලන මැතිවරණ අත්තනෝමතික ලෙස වලක්වලා දැන් ජනාධිපතිවරණය එනවා.අපත් නැතිවෙන වැඩක්
නියමයි ,වරෙන් දත කට මැදගෙන .යාපනේ ගිහින් මොනවා හරි යටි කූට්ටු වැඩක් කරන්න ඇති .අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා
මැතිවරණ පැවැත්වීම ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම නේද ?ජන බලයක් නැති යූ.ඇන්.පී කමිටුව කොහොමද එවැනි තීරනයක් ගන්නේ
කොස්ස ඇදලා අතට ගන්න
බලපුවම පොහොට්ටුවේ හොට්ටො විතරයි අපේක්ෂකයෙක් හොයාගන්න බැරි තරම් අනාථ වෙලා ඉන්නෙ. නාමොලාගෙ අනාගතේ කෑවෙ උගෙ කපුටු බාප්පයි පක්ෂෙ ලේකම් නීතිඥ තුමයි.
පරාද වෙන එක හොඳට හුරු නිසා දුක හිතෙන එකක් නැහැ. ඒ උනත් අපරාදේ සල්ලි.
හි හි හි ඔහොමම ගෙදර යන්න
ඒ කියන්නේ අකුදී සහ සජිත් ප්‍රේමදාස දෙබෑයන්ට සමාජ මාධ්‍යයේ සහ ඔවුන්ගේ ගෝල බාලයන්ගේ ජනාධිපති වශයෙන් තවත් මාස කීපයක් වැජබිය හැකි බව ද?
ඉතින් අපිට පාන්ද?
ස්ථිර වශයෙන්ම පරාදයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ...
වරෙන්කො දෙන්නම් දොඹෙන් යන්න
ලංකාවේ පවතින ගැටළුවලට විසදුම් ලබාදීමට, සියලු ජතින් සමග එක්ව ක්‍රියාකිරීමට, සියලු රටවල් සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ චන්දය ලබාදිය යුතුවේ.
එය මම ඒකමතිකව අනුමත කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව කයිවාරු කාරයන් ගෙන් අඩුවක් නැතත් තවමත් රටක් කල හැකි නායකයෙක් අහල පහල හත් ගව්වක් පහල වී නොමැති බැවිනි.
මේ පාර කී වෙනි වතාවටද පරදින්න හදන්නේ ?
එතුමාට චන්දෙ දෙන්නම ඕන.මාර දියුනුවක්නේ කරලා තියෙන්නේ රටට
උතුරු පැත්තෙ ගිහින් 13 එහෙම ආයෙමත් කරට අරගෙන දඟළනකොට කවුරුත් දන්නවා වැඩේ.මෙදා පාර පුතානෝට දෙන කොටි ඡන්ද ටික මෙයාට ලැබෙයි වගේ.
නිවං සුව පතමි.
උඹලා එක්ක මොන සටන්ද බන් .රෙද්දේ සටන්
වැට් එකට බඩු ගණන් ගිහින් මිනිස්සුන්ට මාරු නගින්න කලින් භාන්ඩාගාරයට සුද්දෙකුත් දීලා මාරුවෙන්න යන්නේ .තව ටිකක් කල් උන්නොත් පොලිසියෙන් හමුදාවෙන් ගුටිකාලා මැරෙන්නයි වෙන්නේ
"...ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි..." එජාප කළමනාකරණ කමිටුව කියන්නේ මොකක්ද ? ඔය කමිටුවේ ඉන්න ගස් බල්ලෝද ශ්‍රී ලංකාවේ මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ ? ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය රටේ වියවස්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා සැප්තැම්බර් - ඔක්තෝම්බර් කියලා.ඒ වගේම එය නිවේදනය කිරීම මැතිවරණ කොමසාරිස් වරයාගේ කාර්යයක්. මේ නරුම අසික්කිත ගස් බල්ලෝ පෙන්වන්න හදන්නේ , " මහජන මතයට හිසනමා අපි ජනාදිපතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පවත්වනවා " කියලා. අපිත් මේ බලාගෙන ඉන්නේ ඒ " දවස " එනකම් තමයි.
"ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි." එහෙම තීරණය කරන්න මොවුන්ට තිබෙන අයිතිය කුමක්ද ජනාධිපතිවරණය පැවැත්වෙන වසර හා දිනය තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවථාව මගින් තහවුරු කර තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතුය. ඊළග මහමැතිවරණය පැවැත්වෙන දිනය තිරණය කිරීමේ අයිතිය හිමි වන්නේ ඊළගට පත්වෙන නව ජනාධිපතිවරයාටයි. ගේමක් ගහලා පුටුවට පැන ගත්තා ඇරෙන්න කවදාවත් ජනාධිපතිවරණයක් දිනලා නැති, ඊළග ජනාධිපතිවරණය දිනනේද නැතිබව හොදටම තහවුරු එකෙකුගේ කල්ලියක් ඒක තීරණය කරනේ කොහොමද ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපි සියලු සහයෝගය ලබාදිය යුතුමයි .... ත්‍රසතවාදීන් ට නැවත අවසථාව නොදිය යුතුයි ... සජිය මොඩය
ප්‍රංශ අගමැති අවුරුදු 34ක තරුණයෙක්.... අපිට 80 පැනපු මහල්ලන්... කොහොමද බුද්ධිමත් තීරණ?
එහෙනම් ගෙදර යැවීමේ සටන පටන්ගනීද ?
ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි .මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඩිමෙන්ශියා රෝහලකට හෝ වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයකට යැවිය යුතුයි. වාසනාවන්ත රටක්. රනිල් රාජපක්ෂගේ බල අරගලය
මුළු රටේම ජනතාව බයෙන් හිටියෙ ඔයා හොර පාරෙන් පැන්ෂන් යයි කියල. එන්න අම්මා එන්න, අපි ඔක්කොම ඔයාව අපේ කරේ තියන් ජනාධිපතිවරණ කැම්පේන් එක කරලා ඔයාගේ ගෙදර ගිහින් හාමිනේට භාර දීලයි අපි මෙදාපාර කිරිබත් කන්නෙ.
රාජපක්ෂ හොර නඩය රකින රූකඩේ
ලොකු දෙයක්. මේ අවුරුද්දෙවත් මේ පහනේ භූතයාව එලවලා දාන්න පුළුවන්
හොඳටම සලකයි මේ පාර
මට ලංකාදීපෙ ඉන්න පඩිවරු වියතුන් ඔනෙ එකෙක් කියපල්ල, රටෙ ජනාදිපතිවරනෙ, මහ මතිවරනෙ ගැන තිරණ ගන්න UNP එකේ ඉන්න පාලකය කවුද බලය දීල තියෙන්නෙ.
යථාර්ථය නම් 2021- 2022 මැද දක්වා රටේ තිබුණු අරාජික තත්ත්වය කෙටි කලක් තුල සමනය කර ගැටලු වලට තතාවකාලික පැලැස්තර නොදමා දිගුකාලීනව රට සාර්ථකත්වය කරා ගෙන යෑමට අප්‍රසිද්ධ හා කෙලින් තිරණ ගනිමින් සිටින එකම නායකයා රනිල්
රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නේ.ඔබ තමයි අපේ පොහොට්ටුවේ ගැලවුම් කාරයා
2023 උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්නය මැතිවරණ කොමිසම ට සමාන තවත් නමක් වන්නේ පිළිතුර එජාප (හරිනම එපාජය) කළමනාකරණ කමිටුව
ජනප්‍රිය නොවූ (රහසිගත) තීරණ අරන් හොරු රැළක් රකින ඔහේට අපි චන්දේ දෙන්නේ නෑ. අපෙන් හොරකම් කරපු සල්ලි ආපහු අරන් දෙන එකෙක්ට චන්දේ දෙනවා.
Wow ගෙදර යන්න ලෑස්ති වෙන්න RW. තව මාස 8ක් ගණන් කරනවා. යේහ්
මතකද ? ඔහු මිස්ටර් බීන්.
පරාජය නියතයි...!
රනිල් ඡන්දෙ ඉල්ලනකන් තමයි බලාගෙන ඉන්නේ...
සජබ සහ මාලිමාව වෙන වෙනම තරග කරන කොට තියෙන ඡන්ද දෙකට බෙදෙනවා. ඒතකොට උතුරේ සහ නැගෙනහිර ඡන්දත් පොහොට්ටුවට ඉතිරිවෙලා තියෙන ඡන්දත් අරගෙන ජනපති වෙන්න තමයි සැලසුම. ඒ නිසා කළයුත්තේ රට ගැන හිතලා සජබ සහ මාලිමාව කතාකරලා තීරණයක් ගන්න එක. පසුව මහ මැතිවරණයකට වෙනම ඉල්ලන්න පුළුවන්. නැත්තම් කෙළවෙනවා ෂුවර්...
බිග්බොස් බැක් ටු ගේම්...!!!
රනිල් අපේ ගැලවුම්කාරයා. ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නේ...
“ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.“ මේකේ තේරුම දැන් මැතිවරණය පවත්වන්නේ ද නැද්ද හා දින වකවානු තීරණය කරන්නේත් එජාප කළමණාකරන කමිටුවයි. එතකොට මැතිවරණ කොමිසම?
අදහස යහපත් නමුත් ජනතාව පවසන අදහස්, යෝජනාවලට එකඟව ප්‍රතිපත්තිය ජනතාව අතරට යවන්නත් අපේ සුබපැතුම්...!
පොහොට්ටුවෙන් දාන කෙනාට වඩා නම් මෙයා හොඳයි. ඔවුන් රටට සාපයක්...
තමන්ට ජනමතයක් මේ රටේ නැති බව දැනගෙනම ගෙදර යනඑකත් හොඳයි නේද?
රනිල්ට වඩා කෙනෙක් හොයාගන්න බැරුව ඇති.. වයසක උන්දෑ කෙනෙක් දාගෙන වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය ආරක්ෂා වෙනඑක විතරයි...!
පාලනය කෙටිකලයි. රට ණයබරින් උතුරාගියා. ණයගෙවන්න කල්දැම්මා. අයි එම් එෆ් ගියා සුළු ණයක් ලැබුණා. ඒකට ජනතා කැපවීම් වැඩිවුණා. බදුබර ඉවසන්න බැරිවුණා. ජීවන වියදම ඉහළ ගියත් ආදායම එතැනමයි. බොහෝ අයට ආදායම නැතිවුණා. ගජමිතුරන්ට බදු සහන බොල්ණය වලින් සැලකුවා. නැතිබැරි මිනිහාටම බදු පැටෙව්වා මදිවට ටින් එකකුත් දුන්නා. ඒ මදිවාට පොහොට්ටුවේ රූකඩයක් වුණා. මන්ද පෝෂිත ජනතාව තවත් ඉහළ ගියා. ඉතින් ජනතාව ඔබ නැවතත් තෝරා ගනීද කියා ඔබම හිතා බලන්න...
මොනවා ? මහබැංකුව බිඳලා , හොරුන් 134 කගේ චන්දෙන් ජනාධිපති පුටුවට පැනපු ,බටලන්දේ මිනීමරුවා ජනාධිපති වරණයට ඉදිරිපත්වෙනවා ? හෙලුවෙන්ද ?
දිනන එක සිකිරුයි .බලන්නකෝ මූන උනත් නිකන් රැම්බෝ ගේ වගේ නේ ?
යුද්දෙන් පසුව යම් තරමකට හෝ ප්ථිපත්තිමය පාලයනයක් ගෙන ගොස් ඇත්තේ රනිල්ය.ඔහුගේ ආර්ථික ප්තිපත්ති කාලෝචිතය.හොරා කෑව ඒවා ජනසතු කරනවා නමි හොරා කෑමට ඉඩනොදෙනවානම් රනිල්ට කිට්ටු කිරීමට කිසිවෙකුට නොහැකිය.
අපිට කරන සේවයට එතුමා හිතුවද දන්නේ නෑ අපි එතුමාව දින්නවයි කියලා