(අංජුල මහික වීරරත්න)
ජනාධිපති වරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව ද පැවසූ ජනාධිපතිවරයා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට අපු නිසා ඇති පිං කියලා දාගන්න...
දුශ්ශීල, ආගමික පාර්ශවයන්ගෙන් රටේ ජනතාවගේ පොකට්ටුව බේරාදෙන්න...
එන්නේ නම් ඔය වැඩ කෑලි දාලා චාම් විදියට වැඩ දාලා තමයි... හැබැයි ගෝලයින් සුද්දේ පටන් ගන්නවා... අන්තිමට ලොක්කත් ඒ ගොඩටම තමයි.
රටෙහි ජනතාවට කඩිනමින් සහන සැලසීමට ඔබතුමන්ට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තවද රට තුළ දැනට අක්‍රීය වී ඇති නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද යෝජනා කර සිටිමි...
ඔය වගේ විහිළු නවත්වන්න... ඕකෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ...
තෙරුවන් සරණින් රටට යහපතක්ම වේවා.
අතිගරු ගැලපෙන්නේ නැහැ. අගරු නම් හොඳට ගැලපෙයි..!
මිනිස්සු ඕක විතරක් නෙමෙයි, අනිත් ඔක්කොම ගලවා දැමිය යුතුයි.
අම්මා මෙයාව පත්කළේ ඕක කරගන්න තමයි... නමට ඉස්සරහින් අජර අමර කියන එක ‘අ‘ යනු අයින් කරලා ජරමර අගමැති කියලා දාගත්තා නම් හොඳයි.
මේක රටේ මූලික ප්‍රශ්නයක් නොවේ. ඉන්න දෙන්න. බඩු මිල අඩු කරන්න...
අතිගරු කියන කෑල්ල ඇකුළු කළේ ජේ.ආර්.. මාමා නේද?