
(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද(27) පැවසීය.
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.
“ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.
මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි. දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි
අන්_ර Wednesday, 27 August 2025 06:27 PM
නීතිය, අපේ කට්ටියට හැර, අනෙක් හැමෝටම සාධාරණව කරනවා. ඒකයි ඔය විජිත වචන පටලව පටලවා කියන්නේ.
යසපාල Wednesday, 27 August 2025 06:31 PM
අරගලය වෙලාවේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන අපේ අරමුණට යන්න දුන්නේ නැත්තේ රනිල්. අපිට ඒක අමතක කරන්න බෑ සහෝදරයා...
ටිල්වින් සීයා Wednesday, 27 August 2025 06:46 PM
ව්‍යවස්ථා සංශෝධනයකට ගිහින් තනි පක්‍ෂ ක්‍රමයකට යන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් පලාත් පාලන ඡන්දෙන් ලක්ෂ විසි ගානක් හැලුනට පස්ස ඒ අදහස අත්හැරියා. තුනෙන් දෙකකින් සම්මත කලත් ජනමතවිචාරණයෙන් කෙලවෙන නිසා.
යෝගා Wednesday, 27 August 2025 06:50 PM
සාක්කි සහිත චෝදනා තියෙන ඔයගොල්ලන්ගේ එක ඇමැතියෙක් හරි අත්අඩංගුවට ගන්න. එතකොට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා ඔයා කියන බේගලේ පිළිගන්න පුලුවන්.
චමින්ද Wednesday, 27 August 2025 07:48 PM
අහෝ විජිත.එතකොට 88,89 දි රාජ්‍ය දේපල තොග පිටින් විනාස කරපුව,කප්පම් ගත්ත ඒව, හමුදාවෙ පවුල් මරපුව,සිවිල් මිනුස්සු මරපුව,ගිනිතියපුව jvp එකෙන් කලේ නීතියක් තිබිලද?? දැන් බලය ඔහේලගෙනේ .එහෙනම් ඒවට ඇයි පියවර නොගන්නෙ?? වසන්ත සමරසින්හ,මහින්ද ජයසින්හට කෝ ඔහෙලගෙ නීතිය? රනිල් සිරගත කරපු දෙයින් ඔහෙලා ලක්ශ ගානක් චන්ද නැති කරගත්තා
Nishan Thursday, 28 August 2025 06:47 AM
මෙයාලා හදන්නේ රටෙන් බාගයක් හිරගෙවල්වල දාලා නිදහසේ තමුන්ට ඕන විදියට රටේ පාලනය කරගෙන යන්න. මේ ක්‍රමය තියෙන්නේ කොමියුනිස්ට් රටවල. ටින් ටින් ළඟදී චීනෙට ගිහින් මේ ක්‍රමය ගැන හොඳ හැදෑරීමක් කරලයි ආවේ. අපි බලමු.
ව්පරමා Thursday, 28 August 2025 01:42 PM
මොලේ උඩ වහල්ලූ හිතාගෙන ඉන්නේ රනිල් අත්අඩංගුවට ගැනීම පැලවත්තේ නීතීය කියලා වෙන්ඩැ? මොනතරම් මෝඩයෝද? උසාවි, අල්ලස් කොමිෂම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය තියෙන්නේ මොනවාටද? රට හොරාකාලා විනාශ කරපු, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හැම දූෂිත දේශපාලුවෙකුටම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.