(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද නියෝගය ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද(24) නිවේදනය කළේය.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග එදින තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (24) තීන්දු කළේය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් වලින් තමයි මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා ජිනීවා කට්ටියට සාක්කි එකතු වෙන්නේ කියලාවත් නොතේරෙන ටිකක් බලයේ ඉන්නකොට.. අපිට එක්සත් ජාතීන් ආර්ථික සම්බාධක පැනෙව්වත් කට බලියගෙන තමයි ඉන්න වෙන්නේ...
යන විදිහට ඔය මනුස්සයාව මරලා දමයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධිකරණයට අපහාස කරා කියලා වැරැදිකාරයෙක් කළ පුද්ගලයෙක් අධිකරණයට නීති සම්පාදනය කරන තැනක නියෝජිතයෙක් ලෙස පත්කළ හැකිද?