
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමාට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මෝසමක් ගොනු කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට ඉකුත් දොළොස් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා ඇත.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමග දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුව නිදහස් කළ යුතුයි.
දැන් තමයි මෝසමක්වක් දෙන්නේ... ඉස්සර දුන්නේ කෝල් එකක්..
මෙයා දූෂිතයි කියපු අධිකරණයේම දැන් පිහිට පතනවා. දෛවයේ හැටි නේද?
විරුද්ධ පක්ෂය නිහඬ කිරීමෙන් විරෝධය මර්දනය කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒක ලොකු මුලාවක්...
සිංහල කියමනක් තිබෙනවා කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් පෙරෙනවා කියලා. දැන් වෙන්නේ එ්කද? මෙයාගේ මෝසම සලකා බලන්න ප්‍රථම මෙයාගේ යටිකූට්ටු වැඩ නිසා මරණීය දණ්ඩනයට නියම වූ දුමින්ද වන්දි සමග නිදහස් කළ යුතුයි නේද?
මෙයාගේ මෝසම සලකා බලනවා කියන්නේ, මෙයා අපහාසයක් කර නැහැ කියා පිළිගැනීමද? 4, 40 වුණොත් තමයි මරු.
මෙය දඬුවම් නියමවෙලා බන්ධනාගාරයට යනකොටත් අධිකරණයට අපහාස කරමින් ගියේ...මොහුට උපරිම දඬුවම් දෙන්න ඕනේ. මන්ත්‍රීවරයෙක් විදිහට පුරවැසියන්ව නොමග යවනවාට..
පිස්සුද මල්ලි.. මම බයද? එහෙම මුහුණේ පේනවද..?
එයාව එළියට ගන්න හොඳ චරිතයක්.. දුප්පත්කම හොඳින් හඳුනන කෙලින් කතා කරන කෙනෙක්...