(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඩු සොරකම්  කිරීම සම්බන්ධයෙන් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයකුට  රුපියල් ලක්ෂ  25 ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත

මේ  සම්බන්ධයෙන් යම්  තොරතුරක්   වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි

සහකාර පොලිස් අධිකාරි   ඇන්ජලෝ   -  0718591772

ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත්  ජයසේකර - 07185919924

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය -  0112-422176  යන අංක වෙත  දන්නා තොරතුරු දැනුම් දෙන ලෙසටත්ල  එම තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහසයභාවය  රකින බවද  පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි