(රේඛා තරංගනී ෆොන්සේකා)
රත්මලාන ගුවන්තොටුපොළේ මෙතෙක් සිදුකළ ජාත්‍යන්තර වෙළඳ ගුවන් ගමන් කටයුතු නවතා දැමූ බවත් අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් කොළඹ ගුවන්තොටුපොළ කළමණාකරු අරුණ රාජපක්ෂ මහතා අද (18) පැවසීය.
රත්මලාන ගුවන් තොටුපොළෙන් ක්‍රියාත්මක වන පුහුණු ගුවන් සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රත්මලානේ සිට යාපනය දක්වා වන අභ්‍යන්තර මගී ගුවන් කටයුතු ඒ ආකාරයෙන් සිදුවන බවත් ඒ මහතා පැවසීය.
රටතුළ ගුවන් ගමන් යන මගීන්ගේද ශරීර උෂ්ණත්වය පරීක්ෂාවට ලක් කරන බවත් අවශ්‍ය වුවහොත් තාවකාලික නිරෝධායන කලාපයක් රත්මලාන ගුවන්තොටුපොළේද ස්ථාපිත කර ඇති බවත් ඒ මහතා පැවසීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්මලානෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් යන්නේ කුමන රටවලටද? දන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර මේ තීරුවෙන් එය පැහැදිලි කර දුන්නොත් ස්තුතියි.