
(සුජිත් හේවාජුලිගේ)
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම හොඳ දෙයක් හෙයින් ඒ සඳහා තම පූර්ණ සහය දෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජනතාව ඡන්දය ලබාදී පුද්ගලයකු පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂය හා නායකයා කෙරෙහි විශ්වාසය තබා යැයි ද නායකයා කෙරෙහි අවිශ්වාසයක් ඇතිවූ පමණින් පක්ෂය මාරුකිරීම සාධාරණ බව තමන් නොසිතන්නේ යැයි ද ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසුවේය.
“පක්ෂ මාරු කරන්න බැරි නීතිය ගේන්න ඕනෑ. අපේ කාලයේ ඒක ගෙනවා නම්, පොහොට්ටුවට තවමත් බලයේ ඉන්න තිබුණා. ආණ්ඩුව දෙදරනවා, හෙල්ලෙනවා කියලා දැනෙන කොට වුණත් මාලිමා ආණ්ඩුව මේ පනත ගේන එක හොඳයි. ඒක අැත්තටම විය යුතු දෙයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවාට මොනවා කියන්න බැරිද? මුදලට වෙන පක්ෂවල අය බාගත්තේ තමුන්ලා බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. මහින්දයාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය අය කරපුවා ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මේ ගොල්ලන්ට අවුලක් වෙන්නේ නෑ. මොකද පනින්න කවුරුවත් නෑනේ...
මේ මෝඩයාගේ පක්ශයේ අයට ටික කලක් දෙන්න හරි තීරණයක් ගන්න කම් තව ටික කලකින් නීතියට යන්න ඉන්නේ. මෙයා සහාය දෙන්නේ ඒකයි. කිසි කෙනෙක් එක රැයක් ඉන්නේ නැහැ. දැන් ඉන්න අයත් ඉල්ලා අස්වෙයි. මේ ආත්මෙට. නාමල් බේබි ලාමක ටින් ටින් විපක්ශ නායක මොවුන් කවදාවත් නායකයෝ වෙන්නේ නැහැ. කටින් ජනපති. කෙරුවා්වෙන් හිරේ ඉන්න අය...
ඇයි චානකයා ෂුවර් නැද්ද ?
නාමල් කැමති වුණත් සජිත් කැමති වෙන එකක් නෑ. ඒ මොකද හර්ෂ පැන්නොත් සජිත් ට තියෙන තර්ජනයක් ඉවර වෙනවා. පනත ආවොත් හර්ෂ පනින එකක් නෑ. හර්ෂ සජබේ දිගටම හිටියොත් පාක්ෂිකයෝ ඉල්ලනවා හර්ෂාව ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. ඒ නිසා සජිත් කැමැතියි හර්ෂ සජබෙන් යනවාට...
මැදමුලන “no-mole” හොර අබ්බගාතයට අමතක වූ දේවල් සිහිපත් කරවීමට මේ වාක්ය කිහිපය මගින් ලියා දැන්වීමට කැමතියි