IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර රෝහල තවත් පුළුල් කරයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ  කපිල කුමාර)

කෝවිඞ් රෝගීන් වැඩි දෙනකුට එකවර ප‍්‍රතිකාර කළ හැකි ලංකාවේ මෙතෙක් ඇති විශාලම දැඩි සහ අධි සත්කාර ඒකකය (ICU සහ HCU)  රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි.

අඩුපීඩන තත්ත්වයන් යටතේ මෙහි ප‍්‍රතිකාර කටයුතු කළ හැකි බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා රත්නපුර මහ රෝහලේ කලින් තිබුන පිළිකා වාට්ටුවේ මෙම දැඩි සත්කාර ඒකකය පිහිටවූ ද කීවේය. එය ඇඳන් 16කින් යුක්තය. ඉන් හයක් දැඩි සත්කාර ඇඳන්වන අතර දහයක් අධි සත්කාර අවශ්‍ය රෝගීන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත මෙම ඒකකය ඇරඹූ බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා රජය ඊට රුපියල් මිලියන විසිපහක් වැයකර ඇති බව ද කීවේය. දෙස් විදෙස් පිරිස් උපකරණ පරිත්‍යාග කළ බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

 



අදහස් (0)

රත්නපුර රෝහල තවත් පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site