IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි

(අජිත්ලාල් ශාන්තඋදය)

අලුත්වැඩියා කටයුතු සඳහා  රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.

රත්නපුර මල්වල පාරේ මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ මෙම ආදාහනාගාර දෙක පිහිටා ඇත.

මෘත දේහ 150ක් පමණ ආදාහනය කළ පසු එක් ආදාහනාගාරයක් සේවා කටයුතු සිදුකළ යුතු බව ද නගරාධිපතිවරයා අවධාරණය කළේය.

එහෙත් ගෙවුණු දින කිහිපය තුළ නොනවත්වාම දිනකට මෘත දේහ අට, දහය දවාලීමට සිදුවු බවත් ඒවා අතර කෝවිඩ් රෝගය හේතුවෙන් මියගිය අයගේ දේහයන් ද දිනකට තුන හතර දවාලීමට සිදුවු බව ද නගරාධිපතිවරයා පැවසුවේය.

පසුගිය සර්විස් එකෙන් පසු මේවනවිට මෘත ශරීර හත්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ආදාහනාගාර දෙකේ දවා ඇති නිසා ආදාහනාගාර දෙක සර්විස් කිරීම අනිවාර්යයෙන් කළ යුතු නිසා මෘත දේහ දැවීමේ කටයුතු අවම වශයෙන් දින හතරක්වත් නවතා දැමීමට සිදුවන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්‍ධයෙන් රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ද දැනුවත් කළ බව ද නගරාධිපතිවරයා කීවේය.

මහ නගර සභාවේ ආදාහනාගාර දෙකට අමතරව කුරුවිට සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා දෙකේ ආදාහනාගාර දෙකක් රත්නපුර නගරයට ආසන්නව ඇති නිසා විකල්ප ලෙස එම ආදාහනාගාර භාවිතාකරන ලෙස ඉල්ලීම් කරන බව ද පැවසුවේය.

 



අදහස් (0)

රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site