
(සුජිත් හේවාජුලිගේ)
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් අහෝසි කරනු ලැබ ඇත.
මේ තීරණය එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්කරනු අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි මාසයේදී එම මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රතන හිමියන් පාර්ලිමේන්තුවට පළමුවෙන්ම පත්වූයේ 2004 වර්ෂයේදීය. ඒ ජාතික හෙළ උරුමය නියෝජනය කරමිනි.
ඉන්පසු උන්වහන්සේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී සිවු වතාවක් වරින්වර දිවුරුම් දුන්හ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.