(මහේෂ් කිර්තිරත්න)
රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සහන ණය ලබාදීමේ ප්‍රගතියක් ඇති බවත් ප්‍රතිලාභීන් 4800 කට පමණ ණය නිකුත් කර ඇති බවත් රත්තොට කොරෝනා මර්දන ප්‍රාදේශීය කමිටුවේදී අනාවරණය විය.
අද (03) පෙරවරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කමිටු රැස්වීම පැවැත්විණි.
රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම සඳහා රත්තොට ප්‍රදේශයේ ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.
දැනට කොරෝනා මර්දනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා විය.
අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට නියමිත රුපියල් 5000 ක දීමනාව පිළිබඳව මෙහිදි සාකච්ඡා වූ අතර ඒ අනුව අදාල දීමනාව ගෙවීමට නිර්දේශ ලබා ගැනීමට සෑම ග්‍රාම නිලධාරී වසමකම නිලධාරීන් සහ පළාත් පාලන යෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
අදාල කමිටුව මගින් මේ මස 6 වැනි දා දක්වා අදාලා තොරතුරු පිළිබඳව නිර්දේශ ලබාදීම සිදුකරයි.
වසම් මට්ටමින් තොරතුරු ලබා ගැනීමට සහ සහ වසම්වල පවුල් වෙත තොරතුරු ලබාදීම සඳහා කොරෝනා සම්බන්ධීකරණ කමිටුව ඊයේ සිට තවත් පුළුල් කර තිබේ.
ඒ අනුව කාර්යාල මට්ටමින් තොරතුරු ලබා ගැනීමට සම්බන්ධීකරණ නිලධාරීන් 11 දෙනෙකු පත්කර ඇත.වැඩබලන සංවර්ධන නිලධාරීන් සිටින වසම් සඳහා කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු අනියුක්ත කර ඇත.
මෙම කමිටු රැස්විම සඳහා ප්‍රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා ඇතුලු රාජ්‍ය ආයතන නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්තොට 4800 කට සහන සලසා අවසන්