(ඩයනා උදයංගනී)
රතු පරිප්පු සහ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කර අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දේශීය වෙළෙඳපොළ තුළ රතු පරිප්පු හා සීනි ඉහළ මිල ගණන්වලට අදාළ භාණ්ඩ අලෙවිකරන බැවින් ඊට පිළියමක් ලෙස හා කොවිඩ් වසංගත තත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත සමූපකාර ව්‍යාපාරය හරහා මෙලෙස ඉන්දියාවෙන් සහ ඕස්ටේ්‍රලියාවෙන් පරිප්පු තොග ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd