( තිළිණි ද සිල්වා )
පුරප්පාඩු වී පැවති රුසියාවේ ශ්‍රී ලංකා ලංකා තානාපති , කැනඩාඩාවේ සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයන් සදහා රජය විසින් නව පත් කිරීම් සිදු කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.
ඒ අනුව රුසියාවේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත්කර ඇති අතර කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරියෙකු වන හර්ෂ කුමාර නවරත්න මහතා පත්කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කර සිටී.පකිස්ථානයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතාද පත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ මෙම පත් කිරීම් සදහා උසස් නිලතල පිළිබද පාර්ලිමේන්තු කාරක සභා අනුමැතියද හිමිව ඇති අතර මේ වනවිටත් අදාළ රාජකාරී කටයුතු බාර ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහ හර්ෂ කුමාර නවරත්න මහතා රුසියාව හා කැනඩාව බලා පිටත්ව ගොස් ඇතැයිද වාර්තා වේ.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය මෙම ධූරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්ව විදයාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළා ය.ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය කලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කළා ය.
කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කළ හර්ෂ කුමාර නවරත්න මහතා සර්වෝදය , සේවා ලංකා පදනම, ජාතික සාම මණ්ඩලය වැනි සිවිල් සංවිධාන වල දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙක් වන අතරම පසු කාලීනව හෙතෙම ශ්‍රී ලංකා මානාව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළේය.තවද ඒ මහතා 2006 වසරේ ඔස්ලෝ නුවර දී පැවති ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සාම සාකච්ඡා සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු ලෙස සහභාගී විය.
කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට මීට පෙර හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබුණද එම පත් කිරීමට කැනඩා රජයේ අනුමැතිය හිමි නොවිණි.ඉන්පසුව හර්ෂ කුමාර නවරත්න මහතා එම මහ කොමසාරිස් ධූරයට පත්කරන ලදී.
කෙසේ නමුත් පුරප්පාඩුවී පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස්වරයා ලෙස නම් ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අදාළ රජකාරී බාර ගැනීම සදහා මේ දක්වා පිටත්ව ගොස් නැතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොටෝම අර ඕස්ට්‍රේලියාවේ ඉන්න තානාපති වගේ හසල ඉංග්‍රීසි දැනුමක් තියෙනවද? කැනඩා කියලවත් කියයිද?
සියල්ල දේශපාලන පත්වීම්. සෞභාග්‍යය ඉතිරෙනවා
සුබ පැතුම්