IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රොටරියට යට වී ගොවියා මරුට

(විමුක්ති සංජය පෙරේරා )

රිදීමාලියද්ද ඌරණිය දිවුල්අළුව වේල්යායේ කුඹුරක ට්‍රැක්ටරයක සීසාමින් සිටි (63) හැවිරිදි පුද්ගලයෙකු ට්‍රැක්ටරයේ රොටරියට හසුවි මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ 12 කණුව ඌරණිය ,මහියංගණ යන ලිපිනයේ පදිංචි හේරත්මුදියන්සේලාගේ ධර්මදාස (63) හැවිරිදි තිදරු පියෙකි.

ඔහු සිය ට්‍රැක්ටර් රථයෙන් සී සාමින් සිටියදි පිටුපස සවිකළ තිබු රෝටලියේ ඇතිවු කාර්මික දෝෂයක් හෙතුවෙන් රෝටරිය ඉහලට ඔසවා ට්‍රැක්ටර් රථයේ යටට ගොස් එය සකසමින් සිටියදි එකවරම රෝටරිය පහත්වීමෙන් එයට යටවි මියගොස් ඇතැයි මුලික විමර්ශන වලදි අණාවරණය වු බව පොලිසිය කියයි.



අදහස් (1)

රොටරියට යට වී ගොවියා මරුට

M.H.Deeganatha Saturday, 08 January 2022 06:46 AM

රෝද 4 ට්‍රැක්ටර් මිලදී ගන්නන්ට ඒවා ලබාදෙන්නන් ඒවා ක්‍රියාකළයුතු ආකාරයන් ගැන කිසිඳු ප්‍රායෝගික දැනුමක් ලබාදෙනවා දකින්නට නැහැ. 1960 කාලයේ දී නිවැරදි උපදෙස් ප්‍රායෝගිකවම එකල එම සමාගම් විසින් ලබා දුන්නා. කොකු 9යේ නගුලෙන් සීසා පුරුදු රියදුරන්, රොටරි නගුලෙන් ද සීසාන ආකාරයෙන් එය ඉතා පැහැදිලියි. එන්ජිම පණගන්වා හෝ නොමැතිව තිබෙන විටෙක වුවත්, ඔසවා තිබෙන නගුලක් එය ක්‍රියාත්මක ලීවරය පහළට වැටීමේ අවදානම නොසැලකීම මෙම කණගාටුදායක සිදුවීමට හේතුව බව දකිනවා. සෑම ට්‍රැක්ටර් හිමියෙක් මෙන්ම රියදුරන්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම, ගොවිපල යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා ගැනීමට යොමුවෙනවා නම් මෙවැනි අනතුරු බොහොමයක් වැළැක්වේවි..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site